ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමයේ 80 වැනි සංවත්සරයට සමගාමීව නව නිපැයුම්කරුවන්ගේ කොමිසම අනුග්‍රහයෙන් සංවිධානය කෙරුණු සමස්ත ලංකා පාසල් සිසු සිසුවියන්ගේ නව නිපැයුම් හා නවෝත්පාදන නිර්මාණ ඇතුළත් ප්‍රදර්ශනයක්, ඉකුත් 11 දා කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේදී විවෘත කෙරිණි. මේ සඳහා සිසු සිසුවියන් 2,000ක් ඉදිරිපත් කර තිබූ නිර්මාණ අතුරින් තෝරාගත් නව නිපැයුම් 293ක් ප්‍රදර්ශනයට තබා තිබුණි.
වෛද්‍ය විද්‍යාව, ඉංජිනේරු, කෘෂිකර්මය, පරිසර සංරක්ෂණය, ප්‍රවාහන, තොරතුරු තාක්ෂණය වැනි කාණ්ඩ 12ක් යටතේ මෙම ප්‍රදර්ශනයට නිර්මාණ ඉදිරිපත් කර තිබිණි. කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා පීඨයේ මහාචාර්ය චන්දන ජයරත්න මහතාගේ ආරාධනයෙන්, කොළඹ චිශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය එච්.ඩී. කරුණාරත්න මහතා මෙහි ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වූ අතර මෙම අවස්ථාවට කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය ඩී.යූ.ජේ. සොනන්දර, ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමයේ සභාපති මහාචාර්ය රමනී විජේසේකර, නව නිපැයුම්කරුවන්ගේ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් නලීන් දොලවත්ත යන මහත්ම මහත්මීන් ද සිසු දරුවන් ද මව්පියන් ද ඇතුළු පිරිසක් සහභාගී වූහ.
දෙල්ගොඩ සමූහ – සුදත් පුබුදු කීර්ති