72
පවතින වර්ෂාපතනයත් සමඟ අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැව් රැසක් මේ වන විට වාන් දමමින් පවතී.
මේ අනුව අද(16) දහවල් නාච්චාදූව ජලාශයේ ද වාන් දොරටු හයම විවෘත කර තිබෙයි .
ඒ අනුව වාන් දොරටු දෙකක් අඩි එක බැගින් ද වාන් දොරටු දෙකක් අඩි දෙක බැගින් ද වාන් දොරටු දෙකක් අඩි තුන බැගින් ද විවෘත කර තිබේ.
මෙමඟින් තත්පරයට ඝණ අඩි 1436 ක් මල්වතු ඔයට මුදා හැරෙයි.
මේ හේතුවෙන් මල් වතු ඔය දෙපස පහත් බිම් වල පදිංචි ජනතාව අවධානයෙන් පසු වන ලෙස වාරිමාර්ග අංශ සදහන් කරයි .