Home » හැටන් ආශ්‍රිත මාර්ගවල යන රියදුරන්ට අනතුරු ඇඟවීමක්

හැටන් ආශ්‍රිත මාර්ගවල යන රියදුරන්ට අනතුරු ඇඟවීමක්

by chanaka
December 16, 2024 10:04 am 0 comment

මේ දිනවල හැටන් ආශ්‍රිත ප්‍රදේශයන්හි මාර්ගවල රථ වාහන අනතුරු ඇති විමේ අවදානමක් පවතින බව හැටන් පොලිසිය දැනුම් දීමක් කරයි.

ඒ, මධ්‍යම කදුකරයේ හැටන් ආශ්‍රිත ප්‍රදේශයන් තුළ විටින් විට පවතින අධික මීදුම් තත්වයක් හට ගැනීම හේතුවෙනි.

පොලීසිය පවසන්නේ විශේෂයෙන් හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ වටවල, කැරලයිනා, දියගල, කඩවල, ගිණිගත්හේන, යන ප්‍රදේශවලත් හැටන් නුවරඑළිය මාර්ගයේ කොටගල, පතන දිඹුල, ලිදුල,රදැල්ල, නානුඔය, යන ප්‍රදේශවලත් විටින් විට මාර්ගය නොපෙනී දැඩි මීදුම් තත්වයක් පවතින බව‍යි.

මෙම තත්ත්වයන් පිළිබඳව දැඩි අවදානයක් යොමු කර මෙම මාර්ගවල රථ වාහන ධාවනය කිරීමේදී තම රථ වාහනවල ඉදිරිපස ලාම්පු දල්වා ඉතාමත් කල්පනාකාරීව තම රථ වාහන ධාවනයට පියවර ගන්නා ලෙස මාර්ගවල රථ වාහන ධාවනය කරනු ලබන සියලුම රියදුරන්ට පොලීසිය දැනුම් දෙයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT