Home » දොඩම්ගොඩ සිරි සුමේධ හිමිගේ මව අභාවප්‍රාප්ත වෙයි

දොඩම්ගොඩ සිරි සුමේධ හිමිගේ මව අභාවප්‍රාප්ත වෙයි

by sachintha
December 16, 2024 1:02 am 0 comment

දොඩම්ගොඩ ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී, ඉසුරුපුර ශ්‍රී සංඝරාජ මහා විහාරාධිපති, දොඩම්ගොඩ සිරි සුමේධ හිමියන්ගේ ආදරණීය මෑණියන් වූ ඇලිස්නෝනා විජේවර්ධන මහත්මිය අභාවප්‍රාප්ත වූවාය.

දොඩම්ගොඩ, උඩවත්තගොඩ ජනක ස්ටෝර්ස් අධිපති පියදාස රණවීර මහතාගේ දයාබර භාර්යාව වූ ඒ මහත්මිය සුමේධ හිමියන් ඇතුළු දූදරුවන් සිවුදෙනකුගේ ආදරණීය මෑණියන් වූවාය.

අභාවප්‍රාප්ත විජේවර්ධන මහත්මියගේ දේහය දොඩම්ගොඩ, පිලිමිනාවත්ත ඉසුරුපුර ශ්‍රී සංඝරාජ මහා විහාරයේ තැන්පත්කර තිබෙන අතර අවසන් කටයුතු දොඩම්ගොඩ පොදු ආදාහනාගාරයේ දී හෙට (17) පස්වරු 6.00 ට සිදුකිරීමට නියමිතය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT