Home » පාලන මිලට වැඩියෙන් හාල් වික්ක 300කට නඩු

පාලන මිලට වැඩියෙන් හාල් වික්ක 300කට නඩු

by sachintha
December 16, 2024 12:59 am 0 comment

පාලන මිලට වැඩියෙන් සහල් අලෙවි කළ වෙළෙඳුන් 300කට අධික පිරිසක් නීතියේ රැහැනට හසුකර ගෙන ඇතැයි පාරිභෝගික සේවා අධිකාරිය පැවසීය. පසුගිය 10 වැනිදා සිට මේ දක්වා සිදුකළ වැටලීම්වලින් මෙම පිරිස හසුකරගත් බව එම අධිකාරියේ තොරතුරු අධ්‍යක්ෂ අසේල බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය. ඒ අනුව ඔවුන්ට එරෙහිව නඩු පැවරීමේ කටයුතු අද (16) සිට ආරම්භ කරන බවත් ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය. මෙවැනි සිද්ධීයන් වෙතොත් වහාම අධිකාරිය දැනුම්වත් කරන ලෙස ද ඒ මහතා පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටියි.

සුභාෂිණී සේනානායක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT