Home » ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් අගමැතිනිය හමු වෙන්න ඇවිත්

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් අගමැතිනිය හමු වෙන්න ඇවිත්

by sachintha
December 16, 2024 3:31 am 0 comment

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා (Santosh Jha) මහතා සහ අගමැතිනි, ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය අතර හමුවක් අගමැති කාර්යාලයේදී පැවැත්විණි.

මෙම හමුව අසල්වැසි රටවල් දෙක අතර දිගුකාලීන මිත්‍රත්වය සහ උපායමාර්ගික හවුල්කාරීත්වය තහවුරු කරන්නක් විය.

දැනට සංවර්ධනයේ විවිධ අදියරවල පවතින ද්විපාර්ශ්වික ව්‍යාපෘති රාශියක ප්‍රගතිය පිළිබඳව මෙම හමුවේදී සාකච්ඡා කෙරිණි.

අගමැති ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි , අගමැති අතිරේක ලේකම් බී.ඩබ්ලිව්.ජී.සී. සාගරිකා බෝගහවත්ත, විදේශ කටයුතු අමාත්‍යාංශයේ දකුණු ආසියානු SAARC අංශයේ රාජ්‍යතාන්ත්‍රික අධ්‍යක්ෂ ජනරාල් නිලූක කදුරුගමුව මහත්ම මහත්මීන් ඇතුළු ඉන්දියානු මහ කොමසාරාස් කාර්යාලයේ ජ්‍යේෂ්ඨ නිලධාරීහු පිරිසක් මෙම හමුවට එක්වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT