Home » UNHCR මහ කොමසාරිස් අගමැතිනිය හමුවෙයි

UNHCR මහ කොමසාරිස් අගමැතිනිය හමුවෙයි

by sachintha
December 16, 2024 3:26 am 0 comment

එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ (UNHCR) සරණාගතයන් පිළිබඳ සහකාර මහ කොමසාරිස්, එක්සත් ජාතීන්ගේ සහකාර මහලේකම් රුවෙන්ද්‍රිනී මැණික්දිවෙල මහත්මිය සහ අගමැතිනි, ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය අතර හමුවක් අගමැති කාර්යාලයේ දී පැවැත්විණි.

ශ්‍රී ලංකාවේ සරණාගතයන් සම්බන්ධ අභියෝගවලට මුහුණදීම සඳහා එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලයේ දායකත්වය වෙනුවෙන් අගමැතිනිය සිය කෘතඥතාව පළ කළාය.

ශ්‍රී ලංකාවේ UNHCR ජාතික කාර්යාලයේ ප්‍රධානී සංජිතා සත්‍යමූර්ති, අගමැති ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, අගමැති අතිරේක ලේකම් බී.ඩබ්ලිව්.ජී.සී. සාගරිකා බෝගහවත්ත, විදේශ කටයුතු අමාත්‍යාංශයේ එක්සත් ජාතීන්ගේ සහ මානව හිමිකම් අංශයේ අධ්‍යක්ෂ ජනරාල් දයානි මෙන්ඩිස් යන මහත්ම මහත්මීහු මෙම හමුවට සහභාගි වී සිටියහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT