Saturday, April 19, 2025
Home » ගම්පොළ පදික වෙළෙඳුන්ගේ ගැටලුව: වෙළෙඳාමට තාවකාලිකව අවසර

ගම්පොළ පදික වෙළෙඳුන්ගේ ගැටලුව: වෙළෙඳාමට තාවකාලිකව අවසර

-කෘෂිකර්ම ඇමැති කේ.ඩී. ලාල් කාන්ත

by sachintha
December 16, 2024 1:15 am 0 comment

නගර අලංකරණය හා පදික ගමන් තීරුවේ අයිතිය තහවුරු කිරීම ස්ථිරවම සිදු කිරීමට තීන්දු තීරණ ගෙන ඇති බවත් එතෙක් යම් කාලයකට පදික වෙළෙඳාමට අවසර දෙන බවත් කෘෂිකර්ම හා ඉඩම් ඇමැති කේ.ඩී.ලාල් කාන්ත මහතා පැවසීය.

මහනුවර පැවති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමෙන් පසු ගම්පොළ පදික වෙළෙඳුන්ගේ ගැටලු සාකච්ඡා කිරීමෙන් අනතුරුව ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ තීරණවලට පෙර නිලධාරීන් ගම්පොළ පදික වෙළෙඳාම් ඉවත් කිරීමට පියවර ගෙන තිබූ අතර ඒ අනුව එම වෙළෙඳුන් ඇමැතිවරයා මුණගැසී තවදුරටත් ඔවුන්ගේ දුක්ගැනවිලි ඉදිරිපත් කර තිබුණි.

ඒ අනුව ගම්පොළ වීදි හා ජංගම වෙළෙඳ එකමුතුව නම් සංවිධානය මාධ්‍ය හමුවක් කැඳවා තම ගැටලු ඉදිරිපත් කර ඇත. එහිදී ඔවුන් පවසා සිටියේ වසර තිස්පහක් පමණක් තම සාමාජිකයන් ගම්පොළ නගරයේ පදික වෙ‍ෙළඳාමේ නිරත වූ බවයි.ඇමැතිගේ තීන්දුව තමා පිළිගන්නා බවත් ස්ථිර විසඳුමක් ලැබෙනතුරු පදිකයන් හා නගර වැසියන්ට කිසිම හිරිහැරයක් නොවන අයුරින් තම වෙළෙඳාම කරන බවත් ඔවුහු සඳහන් කළහ.

ගම්පොළ – සුරංග දිල්හාන්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT