Home » සීත ගඟුලේ අම්බලම අලුත් වෙලා

සීත ගඟුලේ අම්බලම අලුත් වෙලා

by sachintha
December 16, 2024 1:05 am 0 comment

නල්ලතන්නිය – ශ්‍රී පාද මාර්ගයේ සීත ගඟුල ප්‍රදේශයේ පිහිටි අම්බලම ප්‍රතිසංස්කරණය කර 2024 – 2025 ශ්‍රී පාද වන්දනා වාරය සඳහා එම මාර්ගය ඔස්සේ පැමිණෙන වන්දනාකරුවන් සඳහා ඉකුත් 13 වැනිදා දින විවෘත කෙරිණ.

මාස් බොඩිලයින් පෞද්ගලික සමාගමේ මූල්‍ය අනුග්‍රහය මත ශ්‍රී ලංකා යුද හමුදාව මඟින් එම අම්බලම සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කර ඇත.

ශ්‍රී ලංකා යුද හමුවේ මධ්‍යම පළාත් භාර ආරක්ෂක සේනා ආඥාපති මේජර්

ජෙනරාල් මනත යහම්පත් මහතා සහ මාස් බොඩිලයින් සමාගමේ මානව සම්පත් සහ මෙහෙයුම් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි සුරංග විජේතුංග යන මහතුන්ගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණ.

කාලයක් තිස්සේ එම අම්බලම දැඩි ලෙස අබලන් වි තිබීම නිසා වන්දනාකරුවන්ට එහි ගිමන් හැරීමට නොහැකි තත්ත්වයක පැවති අතර, ශ්‍රි පාදස්ථානාධිපති බෙංගමුවේ ශ්‍රී ධම්මදින්න නාහිමියන්ගේ ඉල්ලීමක් පරිදි මාස් බොඩිලයින් පෞද්ගලික සමාගම සහ යුද හමුදාවේ එකතුවෙන් මෙම අම්බලම සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කෙරිණ.

හැටන් – රංජිත් රාජපක්ෂ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT