Home » යෝෂිත සහ නෙවිල් අද CID ඇවිත් නැහැ

යෝෂිත සහ නෙවිල් අද CID ඇවිත් නැහැ

by chanaka
December 16, 2024 11:29 am 0 comment

යෝෂිත රාජපක්‍ෂ මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ පෞද්ගලික ආරක්ෂක මේජර් නෙවිල් වන්නිආරච්චි මහතා ප්‍රශ්ණ කිරීමක් සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද(16) කැඳවීමක් කර තිබුණි.

කෙසේ නමුත් ඔවුන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥයින් එම දෙපාර්තමේන්තුවට පැමිණ සදහන් කර ඇත්තේ යෝෂිත රාජපක්‍ෂ මහතා මේවන විට විදෙස් සංචාරයක නිරතවන බවත් නෙවිල් වන්නිආරච්චි මහතා පෞද්ගලික සංචාරයක නිරතවන බැවින් අද දිනයේ පැමිණීමට අපහසු බවයි.

මුදල් විශුද්ධිකරණ පනත යටතේ සිදුකෙරෙන යම් පරීක්ෂණයකට අදාලව ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා ඔවුන්ව මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවීමක් සිදු කර තිබුණු බව වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT