Home » කැපවීමෙන් වැඩ කළ හැකි නිර්මාණශීලී පරපුරක් අද මාධ්‍ය ක්ෂේත්‍රයට අවශ්‍යයි
ලේක්හවුස් ඩිජිටල් මාධ්‍ය වේදී ඩිප්ලෝමා තෙවැනි කණ්ඩායමේ අධ්‍යයන කටයුතු ඇරඹේ:

කැපවීමෙන් වැඩ කළ හැකි නිර්මාණශීලී පරපුරක් අද මාධ්‍ය ක්ෂේත්‍රයට අවශ්‍යයි

-ලේක්හවුස් කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සිසිර යාපා

by sachintha
December 16, 2024 3:05 am 0 comment

-ලේක්හවුස් කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සිසිර යාපා

-ලේක්හවුස් කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සිසිර යාපා

මාධ්‍ය ක්ෂේත්‍රයට කැපවීමෙන් වැඩ කළ හැකි නිර්මාණශීලී පරපුරක් බිහිකිරීම අවශ්‍ය කරන බවත් ඒ උදාර අරමුණ වෙනුවෙන් කැපවූ ලේක්හවුස් මාධ්‍ය ඇකඩමිය අංකුරයන්ගේ සිහින සැබෑ කරන මාධ්‍ය ඇකඩමියක් බවත් ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ (ලේක්හවුස්) කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සිසිර යාපා මහතා පැවසීය.

ලේක්හවුස් ආයතනය මඟින් පවත්වනු ලබන ඩිජිටල් මාධ්‍ය වේදී ඩිප්ලෝමා පාඨමාලාවේ තුන්වැනි ශිෂ්‍ය කණ්ඩායම සඳහා අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඒ මහතා ඉකුත්දා (13) මේ බව කීවේය.

එහිදී ලේක්හවුස් කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ සිසිර යාපා මහතා මෙසේද ප්‍රකාශ කළේය.

Òඅත්දැකීම් සොයා බැලීමේ දැනුම ලේක්හවුස් මහගෙදරින් ඔබට ලබාගත හැකියි.ලේක්හවුස් ආයතනය කියන්නේ ලංකාවේ මුද්‍රිත මාධ්‍යවල ආරම්භය සිදු වූ ප්‍රධාන තැනක්‌ වගේම ලේක්හවුස් ආයතනයට සුවිශේෂී ඉතිහාසයක් සහ කීර්ති නාමයක් තිබෙනවා.ලියන්න පුළුවන් පලියට මාධ්‍යවේදියෙක් වෙන්නේ නැහැ.එහෙම වුණා නම් විශ්වවිද්‍යාලවල බොහෝ උපාධිධාරීන් අද මාධ්‍යවේදීන් වෙලා.මාධ්‍යවේදියෙක් වෙන්න ලංකාවේ බොහෝ අයට අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඒ හින්දා ඔබ තෝරාගෙන තිබෙන්නේ හරි තැන කියා මම හිතනවා. මාධ්‍යවේදියකුගේ ජීවිතය හරියට දහ අට වංගුවේ යනවා වගේ වැඩක්.යනකොට හරිම මහන්සියි වෙහෙසයි.දරාගන්න බැහැ. හැබැයි අවසානය හරිම විනෝදයි.මාධ්‍යවේදියකුගේ ජීවිතේ ඒ වගේයි.මාධ්‍යවේදියෙක් වෙන්න උපතින්ම දක්ෂ අයෙක් වෙන්නම අවශ්‍ය නැහැ.පුහුණු කිරීමෙන් මාධ්‍යවේදියෙක් නිර්මාණය වෙනවා.

මාධ්‍යයට එනවා නම් වැටි වැටී නැඟිටින්න පුළුවන් විය යුතුයි - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී චමින්ද ගමගේ

මාධ්‍යයට එනවා නම් වැටි වැටී නැඟිටින්න පුළුවන් විය යුතුයි – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී චමින්ද ගමගේ

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී චමින්ද ගමගේ මහතා-

“මාධ්‍ය ක්ෂේත්‍රයට එනවා නම් වැටි වැටී නැඟිටින්න පුළුවන් මනුස්සයෙක් විය යුතුයි.ලේක්හවුස් ආයතනයේ මේ ඩිප්ලෝමා පාඨමාලාව මඟින් පවත්වන ඩිජිටල් ඩිප්ලෝමා පාඨමාලාවෙන් එය හදාරන්නන්ගේ ජීවිතවලට විශාල වටිනාකමක් දෙනවා. මාධ්‍ය ක්ෂේත්‍රයේ බොහෝ රැකියා තරුණ පරපුර වෙනුවෙන් විවෘතයි.මේ වන විට ලංකාවේ පැන නැඟී ඇති ප්‍රශ්න සමඟ බොහෝ තරුණ තරුණියන් රැකියා විරහිතභාවයෙන් පෙළෙන මෙවන් යුගයක ඔබ පත්තර මහගෙදර තෝරා ගැනීම පිළිබඳව මට දැනෙන්නේ මහත් සතුටක්. සිහින තිබෙන මේ පාඨමාලාවේ අරමුණක් සහිතව ක්‍රියා කරන ලෙසත් මනසින් වැටි වැටී නැඟීටින මිනිසෙක් වීම තරම් ජීවිතේ සුන්දර දෙයක් නැතැයි ද කීවේය.

තරුණ පරම්පරාව අද ඩිජිටල් මාධ්‍යයට තදින් ඇබ්බැහි වෙලා - ආචාර්ය පුලස්ති ගුණවර්ධන

තරුණ පරම්පරාව අද ඩිජිටල් මාධ්‍යයට තදින් ඇබ්බැහි වෙලා – ආචාර්ය පුලස්ති ගුණවර්ධන

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය පුලස්ති ගුණවර්ධන මහතා-

“අද ලෝකයට අවතීර්ණ වීමට ඩිජිටල් මාධ්‍ය අවියක් වී තිබෙනවා. අද වන විට පත්තර කියවීම අඩුවීමත් සමඟ තරුණ ප්‍රජාව දුරකතනයට ඇබ්බැහිවීම ඩිජිටල් මාධ්‍යයට ඇබ්බැහිවීම සිදු වෙනවා.එවන් යුගයක වීඩියෝවක් නිර්මාණය කර ගන්නා ආකාරය,ලෝගෝ එකක් නිර්මාණය කරන ආකාරය,විද්‍යුත් මාධ්‍ය හරහා ඩිජිටල්කරණයට අවතීර්ණ වන ආකාරය අධ්‍යයනය කිරීම ජීවිතයට ඉතාම වැදගත්.ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පවත්වන ලද පරීක්ෂණයකට අනුව අද වන විට පත්තරවලින් ලැබූ ආදායම බිලියන 30 දක්වා අඩු වී තිබෙනවා.තව අවුරුදු පහ හයක් යන විට මේ ආදායම බිලියන 10 දක්වා අඩු වෙනවා.මේ පාඨමාලාවේ වීඩියෝ එඩිටින් වැනි බොහෝ සොෆ්ට්වෙයා පිළිබඳව අධ්‍යයනය කර ප්‍රායෝගික පුහුණුවද නිසියාකාරව ලබා දෙනවා.මේ නිසා මෙය ඉතා වටිනා පාඨමාලාවක් බව කිවයුතුයි”.

මගේ අත්දැකීම් සහ දැනුම මේ පාඨමාලාවේ සිසුන්ට ලබා දෙන්න සූදානම් - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උපාලි රංජිත්

මගේ අත්දැකීම් සහ දැනුම මේ පාඨමාලාවේ සිසුන්ට ලබා දෙන්න සූදානම් – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උපාලි රංජිත්

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උපාලි රංජිත් මහතා-

“මම අවුරුදු තිස්නවයක් ස්වාධීන රූපවාහිනියේ සේවය කළා. පුහුණු වන කැමරා ශිල්පියෙක් ලෙස තමයි ප්‍රථමයෙන්ම ITN එකට ඇතුළු වුණේ. නමුත් මම විශ්‍රාම යද්දී නියෝජ්‍ය අලෙවි සාමාන්‍යාධිකාරී ලෙස අවුරුදු දොළහක් සේවය කර තමයි ඉවත් වුණේ.රූපවාහිනිය ආරම්භ වූ කාලයේ සිටම මේ දක්වා ලබාගත් සියලු දැනුම මගේ අත්දැකීම් මේ පාඨමාලාවේ සිසුන්ට දෙන්න ආසාවෙන් බලා සිටිනවා.ඉතා කැමැත්තෙන් භාරගත්ත රාජකාරියක් මේ. ලබාදෙන දැනුම හොඳින් ලබාගෙන මින් නොනැවතී ඉදිරියට ගත යුතු අධ්‍යාපනය මේ ක්ෂේත්‍රයෙන් ලබාගන්න” යැයි කීවේය.

ලේක්හවුස් ආයතනයේ මෙහෙයුම් අධ්‍යක්ෂ හා ප්‍රවීණ සිනමාවේදී චාමර ජනරාජ් පීරිස්,මාධ්‍ය ඇකඩමියේ සම්බන්ධීකාරක එරන්ද එදිරිමාන්න,උපදේශක කර්තෘ මනෝලි සුභසිංහ සහ සම්බන්ධීකාරක වාසනා අබේනායක මහත්ම මහත්මීහු මේ අවස්ථාවට සහභාගි වූහ.

කල්පනී අබේසිංහ සහ දෙව්නි මහගමගේ

ඡායාරූප – මාලන් කරුණාරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT