Home » 2025 පාසල් වාර කාලසටහන නිකුත් කෙරේ

2025 පාසල් වාර කාලසටහන නිකුත් කෙරේ

by chanaka
December 16, 2024 10:09 am 0 comment

education new

2025 වර්ෂයේ පාසල් වාර කාලසටහන අධ්‍යපන අමාත්‍යංශය විසින් නිකුත් කර තිබේ.

ඒ අනුව, පළමු පාසල් වාරය අදියර තුනක් යටතේ පැවැත්වෙන අතර, එහි පළමු අදියර ජනවාරි 27 වැනිදා සිට මාර්තු මස 14 වැනිදා දක්වා පැවැත්වේ.

පළමු පාසල් වාරයේ දෙවැනි අදියර අප්‍රේල් 01වැනිදා සිට 11 වැනිදා දක්වාත්, තෙවැනි අදියර අප්‍රේල් 21 වැනිදා සිට මැයි 09 වැනිදා තෙක් පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර ඇත.

දෙවැනි පාසල් වාරය මැයි 14 වැනිදා සිට අගෝස්තු 07 වැනිදා දක්වා පැවැත්වේ.

තෙවැනි පාසල් වාරය අදියර දෙකක් යටතේ පැවැත්වෙන අතර ඒ අනුව පළමු අදියර අගෝස්තු 18වැනිදා සිට ඔක්තෝබර් 17 වැනිදා දක්වාත්, දෙවැනි අදියර නොවැම්බර් 17වැනිදා සිට දෙසැම්බර් 19වැනිදා තෙක් පැවැත්වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT