Home » පිටිය සුද්ධ කරමු – මේක තවත් සහතිකයක් හෝ ඩිප්ලෝමාවක් පමණක් නෙවෙයි

පිටිය සුද්ධ කරමු – මේක තවත් සහතිකයක් හෝ ඩිප්ලෝමාවක් පමණක් නෙවෙයි

by yasara
December 16, 2024 9:50 am 0 comment

අධ්‍යාපනය සහතිකවලට පමණක් සීමා නොවී මෙරට තාරුණ්‍යය ආර්ථිකයේ පංගුකරුවන් බවට පත්කරන බව තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර පැවසීය.

නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ජාතික තරුණ සේවා සභාවේ පාඨමාලා අවසන් කළ සිසුන් සඳහා සහතික පත්‍ර ලබාදීමේ දෙවන සැසියට එක්වෙමිනි. ඊයේ (15දා) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී මෙම සහතික පත්‍ර ලබාදීම සිදුවිය.

ජාතික තරුණ සේවා සභාවේ බස්නාහිර පළාත් පුහුණු මධ්‍යස්ථාන 10 ක සාර්ථක ලෙස NVQ 3, 4 සහ NVQ 5 පාඨමාලාවන් අවසන් කළ සිසුන් සඳහා මෙහිදී සහතික පත්‍ර පිරිනැමීය. මෙම අවස්ථාව සඳහා අධ්‍යක්ෂක ජනරාල්/සභාපති නීතීඥ චින්තක හේවාපතිරණ ඇතුළු තරුණ සේවා සභාවේ නිළධාරීන් ද සහභාගී වූහ.

මෙහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ තරුණ සේවා සභාව තුළ ක්‍රියාත්මක පාඨමාලාවල ගුණාත්මකභාවය ඉහළ නැංවීමට සහ ජාත්‍යන්තර ප්‍රවණතාවයන්ට ගැලපෙන පරිදි පාඨමාලා සකස් කිරීම පිළිබඳව අවධානය යොමු ව ඇති බවයි.

මෙතෙක් කල් තරුණ ප්‍රතිපත්ති පැවතියද ඒවා ලිපි ලේඛනවලට පමණක් සීමා වූූ බවත්,මෙරට ආර්ථිකය ගොඩනැගීමේ සාමූහික ප්‍රයත්නයට තරුණ තරුණියන් දායක කර ගැනීමේ වගකීම රජය සතු බවත්, ලබන වසරේදී ජාතික තරුණ ප්‍රතිපත්තියක් නිර්මාණය කරමින් එම ප්‍රතිපත්ති ක්‍රියාවට නංවන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT