Monday, April 21, 2025
Home » විදුලි ගාස්තු සංශෝධනය ගැන මහජන අදහස් විමසීම අනිද්දා සිට

විදුලි ගාස්තු සංශෝධනය ගැන මහජන අදහස් විමසීම අනිද්දා සිට

by chanaka
December 15, 2024 2:57 pm 0 comment

විදුලි ගාස්තු සංශෝධන යෝජනාව පිළිබඳ මහජන අදහස් ලබාගැනීම අනිද්දා (17) දිනයේ සිට ආරම්භ කෙරෙන බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම පවසයි.

ඒ අනුව, ජනවාරි 8 වැනි දා දක්වා ඒ සඳහා අවස්ථාව හිමිවන බව එම කොමිසම වැඩිදුරටත් සන්ධාන කළේය.

2025 වසරේ මුල් මාස 6 දී විදුලි ගාස්තු නොවෙනස්ව පවත්වාගෙන යා යුතු බව විදුලි බල මණ්ඩලය යෝජනා කර තිබුණි.

එම යෝජනාව, කොමිසමේ නිත්‍ය කාර්ය මණ්ඩලය සමාලෝචනය කිරීමෙන් අනතුරුව සකස් කළ ප්‍රතියෝජනා කෙටුම්පත, මහජන අදහස් සඳහා ප්‍රදර්ශනය කෙරේ.

ක්‍රමවේද කිහිපයක් ඔස්සේ, ජනතාවට අදහස් ඉදිරිපත් කළ හැකිය.

ඒ අනුව, info@pucsl.gov.lk යන විද්‍යුත් ලිපිනයෙන් සහ 076 427 10 30 අංකයට WhatsApp හරහා අදහස් යොමුකිරීමේ හැකියාව පවති.

ඊට අමතරව මහජන උපයෝගීතා කොමිසමට පැමිණ හෝ පළාත් මට්ටමින් වෙන්කර ඇති ස්ථානවලදී අදහස් ඉදිරිපත් කළ හැකිය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT