Home » මියගිය අයෙකුගේ සිරුර සැඟවූ දෙදෙනෙකු අත්අඩංගුවට

මියගිය අයෙකුගේ සිරුර සැඟවූ දෙදෙනෙකු අත්අඩංගුවට

by chanaka
December 15, 2024 7:33 am 0 comment

මෘත ශරීරයක් සැඟවීමට සැකපිට පුද්ගලයින් දෙදෙනෙකු ඌරගස්මංහන්දිය පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සැකකරුවන් අත් අඩංගුවට ගෙන ඇත්තේ විදුලිසැර වැදී මියගිය පුද්ගලයෙකුගේ මෘත ශරීරය සැඟවීම යන චෝදනා යටතේය.

පොලීසිය පවසන්නේ ඌරගස්මංහන්දිය පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත සිදුකළ විමර්ශනයේ දී අදාළ සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති බවයි.

ඌරගස්මංහන්දිය, වල්ඉඟුරුකැටිය ප්‍රදේශයේ පදිංචිව සිටි මියගිය පුද්ගලයා පසුගිය 9 වැනිදා කුරුඳු තැලීමට මාතර ප්‍රදේශයට යන බව පවසා නිවසින් පිටව ගොස් ඇති බව පොලීසිය තවදුරටත් සඳහන් කරයි.

කෙසේවෙතත්, ඔහු යළි නිවසට නොපැමීණීම හේතුවෙන් ඒ බව ඔහුගේ ඥාතීන් විසින් පොලීසියට පැමිණිලි කර ඇත.

පසුව එම පුද්ගලයාගේ පැපැදිය වෙල්යායක් අසල තිබී සොයා තිබේ.

එම පුද්ගලයාගේ මෘත ශරීරය එම ප්‍රදේශයේම පාළු ඉඩමක වැසිකිලි වළකට දමා ඇති බවට පොලීසිය වෙත තොරතුරක් ලැබී තිබේ.

තවදුරටත් සිදු කරන ලද විමර්ශනවලදී එම ප්‍රදේශයේ සතුන් දඩයම් කිරීම සඳහා විදුලි රැහැන් අදින පුද්ගලයින් දෙදෙනෙකු පොලිස් නිලධාරීන් විසින් හඳුනාගෙන ඇත.

පොලීසිය සඳහන් කළේ තමන් විසින් අදින ලද අනවසර විදුලි රැහැනක පැටලී එම පුද්ගලයා ජීවිතක්‍ෂයට පත්ව ඇති බව ඔවුන් දෙදෙනා විසින් ප්‍රකාශ කළ බවයි.

අදාළ මෘත ශරීරයද කිසිවෙකුට නොදන්වා පාළු ඉඩමක වැසිකිළි වළකට දැමීමට ඔවුන් දෙදෙනා කටයුතු කර ඇත.

ඒ අනුව, අදාළ පුද්ගලයාගේ මෘත ශරීරය සැඟවීමට සැක පිට සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT