Home » ආසියාව මවිත කළ ශ්‍රී ලංකාවේ වනජීවී ඡායාරූපකරණය

ආසියාව මවිත කළ ශ්‍රී ලංකාවේ වනජීවී ඡායාරූපකරණය

by chanaka
December 15, 2024 3:33 pm 0 comment

“සැන්චුවරි ඒෂියා වයිල්ඩ් ලයිෆ් ෆොටෝග්‍රැෆර් ඔෆ් ද ඉයර්” තරගාවලියේදී වසරේ විශිෂ්ටතම වනජීවී ඡායාරූපකරණයට හිමි සම්මානය දිනා ගැනීමට තරිඳු ඩිල්ෂාන් සෙන්දනායක සමත්වේ.

තරගාවලිය පැවැත්වුණේ ඉන්දියාවේ මුම්බායි හිදීය.

කීර්තිමත් බිටු සාගල් විසින් ආරම්භ කරන ලද මෙම තරගාවලිය 1981 වසරේ සිට ක්‍රියාත්මකය.

ඉන්දියාවේ පමණක් නොව සමස්ත ආසියාවේම දැඩි අවධානයක් දිනාගන්නා මෙම තරගාවලිය වනජීවී සංරක්ෂණය ප්‍රමුඛ කරගනිමින් ක්‍රියාත්මකවන්නකි.

“සැන්චුවරි ඒෂියා වයිල්ඩ් ලයිෆ් ෆොටෝග්‍රැෆර් ඔෆ් ද ඉයර්” තරගාවලිය පැවැත්වෙන්නේ දැඩි තරගකාරීත්වයක් පවතින්නේ වනජීවී ඡායාරූපකරණය වෙනුවෙනි.

වසර ගණනාවක් පුරා ශ්‍රී ලාංකීය ඡායාරූප ශිල්පීන් මෙහි විවිධ කාණ්ඩ යටතේ සම්මාන හිමිකර ගැනීමට සමත්ව තිබේ.

කෙසේ නමුත් කිසිඳු ශ්‍රී ලාංකිකයෙකුට මෙහි විශිෂ්ටතා‍ සම්මානය මෙතෙක් දිනාගැනීමට හැකිව නොතිබුණි.

ඒ අනුව තරිඳු ඩිල්ෂාන් සෙන්දනායක මෙම සම්මානය දිනු පළමු ශ්‍රී ලාංකීය ඡායාරූප ශිල්පියාය. මෙය මෙරට සමස්ත වනජීවී ඡායාරූප ශිල්පීන්ටම සුවිශේෂී ජයග්‍රහණයක් ද වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT