Home » ජනපති ඉන්දීය සංචාරය අරඹයි

ජනපති ඉන්දීය සංචාරය අරඹයි

by chanaka
December 15, 2024 3:02 pm 0 comment

ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීමෙන් අනතුරුව අනුර කුමාර දිසානායක මහතා ගේ පළමු විදෙස් සංචාරය ලෙස අද (15) පස්වරුවේ ඉන්දියාව බලා දිවයිනෙන් පිටත්ව ගියේය.

ඉන්දීය ජනාධිපතිනී ද්‍රෞපදී මුර්මු (Droupadi Murmu) ගේ ආරාධනයකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම සංචාරයට එක්වේ.

ජනාධිපති අනුර කුමාර දිසනායක මහතා අද (15) සිට (17) දක්වා සිදු කරන ඉන්දීය සංචාරය අතරතුර ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී සමග ද්වීපාර්ශ්විකව වැදගත් කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, ඉන්දීය උප ජනාධිපති ශ්‍රී ජග්දීප් දන්කාර් (Vice President Of India Shri Jagdeep Dhankhar), ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස් ජයිශංකර් (Dr. S. Jayashankar – Minister of External Affairs of India), ඉන්දීය සෞඛ්‍ය අමාත්‍ය ජේ.පී.නන්ද (J.P. Nanda – Minister of Health), ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක ශ්‍රී අජිත් ඩොවාල්(Shri Ajith Doval – National Security Advisor of India) ඇතුළු තවත් රාජතාන්ත්‍රිකයන් සමඟ සාකච්ඡා පැවැත්වීමට ද සැලසුම් කර තිබේ.

දෙරට අතර ආයෝජන සහ වාණිජ සම්බන්ධතා ප්‍රවර්ධනය කිරීමේ අරමුණෙන් ජනාධිපතිවරයා දිල්ලි හි පැවැත්වෙන ව්‍යාපාරික හමුවකට එක්වෙයි.

ඉන්දිය සංචාරයේ නිමාව සනිටුහන් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා බුද්ධගයාවේ සංචාරය කිරීමටද නියමිතයි.

විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත්, කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු යන මහත්වරුද මෙම සංචාරය සඳහා එක්වෙති.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT