Monday, April 21, 2025
Home » හිඟ බදු නොගෙවන අයට රතු එළියක්

හිඟ බදු නොගෙවන අයට රතු එළියක්

by chanaka
December 15, 2024 2:55 pm 0 comment

2023 / 2024 තක්සේරු වර්ෂයේ හිඟ බදු ලබන 26 වැනි දාට පෙර ගෙවන්නැයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ.

එහි කොමසාරිස් ජනරාල් සේපාලිකා චන්ද්‍රසේකර මහත්මිය සඳහන් කළේ, එම දිනට පෙර බදු ගෙවීමට අපොහොසත් වන පුද්ගලයින්ට හා සමාගම් වලට කිසිදු දඩ සහනයක් හිමිනොවන බවයි.

මෙතෙක් නොගෙවූ ස්ව-තක්සේරු බදු හා හිඟ බදු අය කර ගැනීම සඳහා ක්ෂේත්‍ර සමීක්ෂණ සහ දේශීය ආදායම් අණ පනත් අනුව නීතිමය කටයුතු සිදු කිරීම ආරම්භ කර ඇත.

ඔවුන්ට එරෙහිව 2025 වසරේ ජනවාරී මාසයේදී නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව චන්ද්‍රසේකර මහත්මිය සඳහන් කළාය.

එලෙස බදු නොගෙවන පුද්ගලයින්ගේ බැංකු ගිණුම් වලින් පෙර දැනුම්දීමකින් තොරව මුදල් අය කර ගැනීමට නියමිතය.

ඊට අමතරව හිඟ බදු මුදල් ප්‍රමාණය අනුව අපරාධ නඩු පැවරීමට පියවර ගන්නා බව ද දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරිය පැවසුවාය .

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT