Sunday, April 20, 2025
Home » ස්ථාවර තැන්පතු හිමියන්ටත් අස්වැසුම දීලා

ස්ථාවර තැන්පතු හිමියන්ටත් අස්වැසුම දීලා

by chanaka
December 15, 2024 7:24 am 0 comment

බැංකුවල ස්ථාවර තැන්පතු ඇති පිරිස් පවා අස්වැසුම සමාජ සුබසාධන ලබා ගන්නා බව වාර්තා වී ඇත. විශේෂයෙන්ම දකුණු පළාතේ ඇතැම් අස්වැසුම ප්‍රතිලාභීන්ට අස්වැසුම ආධාර මුදල් ලැබෙන බැංකුවේම ස්ථාවර තැන්පතු ගිණුම් තිබෙන බවට වාර්තා වී තිබේ.

දකුණු පළාත් මාතර දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේ දී මේ කරුණු හෙළි කර ඇත්තේ දකුණු පළාත් ඉඩම් කොමසාරිස් සේනක පල්ලියගුරුගේ මහතා විසිනි. බැංකු කළමනාකරුවන් මෙන්ම බැංකු නිලධාරීන්ද මේ සම්බන්ධයෙන් තොරතුරු දන්නා බැවින් ඒ සම්බන්ධව තොරතුරු ලබාගත හැකි බව ඔහු පවසා ඇත.

මේ සම්බන්ධයෙන් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්තිගෙන් සිළුමිණ කළ විමසීමකදී ඔහු පැවසුවේ දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේදී එම කරුණු අනාවරණය වූ හෙයින් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කළ යුතු බවයි.

ඒ උදෙසා අස්වැසුම ප්‍රතිලාභීන් සියලු දෙනාගේ තොරතුරු පිළිබඳවම සොයාබැලීමට කටයුතු කරන බවද ඔහු කීවේය. මාතර දිස්ත්‍රික්කයේ අස්වැසුමලාභීන් 53,000ක් පමණ සිටින බවත් එම සියලු ප්‍රතිලාභීන්ගේ යාවත්කාලීන වූ තොරතුරු සම්බන්ධයෙන් වාර්තාවක් ලබාගන්නා බවද ඇමැතිවරයා කීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT