Home » සහල් ගොඩබෑම කඩිනමින්

සහල් ගොඩබෑම කඩිනමින්

by chanaka
December 14, 2024 6:29 pm 0 comment

රජය සහල් ආනයනය සඳහා පෞද්ගලික ආනයනකරුවන්ට අවසර ලබා දීමත් සමඟ ඉකුත් 13 වැනිදා කොළඹ වරායට ගොඩබාන ලද ආනයනික සහල් මෙට්‍රික් ටොන් 2300න් සියයට 90කට වඩා ප්‍රමාණයක් එදිනම නිදහස් කළ බව අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ පැවැසීය.

එම සහල් මෙට්‍රික් ටොන් 2300න් මෙට්‍රික් ටොන් 1600ක් තම්බපු සහල් වන අතර, 15 වැනිදා (ඉරිදා) වන විට තවත් ආනයනික සහල් මෙට්‍රික් ටොන් 3500ක් පමණ ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවත් එම සහල් රැගත් නෞකා මේ වන විට කොළඹ වරායට සේන්දු වී ඇති බවත් හෙතෙම සඳහන් කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT