Monday, April 21, 2025
Home » උඳුවප් පුර පසළොස්වක පොහෝ දිනය අදයි

උඳුවප් පුර පසළොස්වක පොහෝ දිනය අදයි

by chanaka
December 14, 2024 8:12 am 0 comment

මෙම වසර අවසාන පොහෝ දිනය හෙවත් උඳුවප් පුර පසළොස්වක පොහෝ දිනය අදට(14) යෙදී තිබේ.

ලොව පුරා බෞද්ධයන් මහත් ශ්‍රද්ධාවෙන් සමරන උඳුවප් පොහොය ශාසනික වශයෙන් ඉතා වැදගත් පොහෝ දිනයකි.

සංඝමිත්තා රහත් තෙරණින් වහන්සේ දින හතක මහුදු තරණයකින් පසු ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව ද රැගෙන දඹකොළ පටුනට වැඩම කරවීම සිදුවූයේ අද වැනි පොහෝ දිනක ය.

දේවානම්පියතිස්ස රජතුමා ඉන්දියාවේ ධර්මාශෝක රජතුමන්ගෙන් කළ ඉල්ලීමට අනුව ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව සමගින් සංඝමිත්තා රහත් තෙරණියගේ වැඩමකරවීම සිදු විය.

සංඝමිත්තා තෙරණින් වහන්සේගේ වැඩමකරවීමත් සමග මෙරට භික්ෂුණී ශාසනයේ පිහිටුවීම ද උඳුවප් පොහෝ දිනයක සිදුවූ බව සඳහන් වේ.

ඒ අනුලා දේවීය ඇතුළු කාන්තාවන් පන්සිය දෙනෙකු ශාසනයේ පැවිද්ද ලබා ගැනීමත් සමඟය.

මේ අතර බුදුරජාණන් වහන්සේ පා පහස ලත් උතුම් සිරිපා වන්දනාව ද ආරම්භ වන්නේ අදට යෙදෙන උඳුවප් පොහෝ දිනයෙදී වීම විශේෂත්වයකි.

අදට යෙදෙන උඳුවප් පොහෝ දිනයට සමගාමීව දිවයින පුරා සියලු වෙහෙර විහාරස්ථානවල ආමිස ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින් ආගමික වතාවත් සිදු කෙරේ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT