Home » තඹුත්තේගම රිය අනතුරකින් එක් අයෙක් ජීවිතක්ෂයට – 05කට තුවාල

තඹුත්තේගම රිය අනතුරකින් එක් අයෙක් ජීවිතක්ෂයට – 05කට තුවාල

by chanaka
December 14, 2024 6:33 pm 0 comment

අනුරාධපුර පාදෙනිය මාර්ගයේ තඹුත්තේගම බෙල්ලන්කඩවල ප්‍රදේශයේ දී ලොරි රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් එක් අයෙකු මියගොස් තවත් 5 දෙනෙකු තුවාල ලැබීය.

අද (14) අලුයම 5.15ට පමණ මෙම අනතුර සිදුව ඇත.

අනුරාධපුර සිට තඹුත්තේගම දෙසට ධාවනය වූ ලොරි රථයක් සහ තඹුත්තේගම සිට අනුරාධපුරය දෙසට ගල් ප්‍රවාහනය කළ ලොරි රථයක් මෙලෙස මුහුණට මුහුණ ගැටීමෙන් අනතුර සිදුව තිබුණි.

අනතුරෙන් මාර්ගය දෙපස ඇති වෙළෙඳසැල් කිහිපයකට ද හානි සිදුව තිබේ.

අනතුර සිදුවන අවස්ථාවේ ලොරි රථ දෙකෙහිම තිදෙනා බැගින් සිට ඇති අතර ඒ අනුව එක් අයෙකු මියගොස් පස් දෙනෙකු අනතුරෙන් තුවාල ලැබීය.

තුවාල ලැබූවන් තඹුත්තේගම මූලික රෝහලට ඇතුළත් කිරීමට ප්‍රදේශවාසීන් කටයුතු කර ඇත.

අනතුරෙන් ලොරි රථ දෙකටම දැඩි අලාභ හානි සිදුව තිබේ.

අනතුර සම්බන්ධයෙන් තඹුත්තේගම පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT