Home » අන්තර්ජාලයෙන් සල්ලි අදින චීන කතක් ගැන හෙළිවෙයි

අන්තර්ජාලයෙන් සල්ලි අදින චීන කතක් ගැන හෙළිවෙයි

by chanaka
December 14, 2024 6:30 pm 0 comment

චීන ජාතික කාන්තාවක් විසින් මෙහෙයවන මහා පරිමාණ අන්තර්ජාල මුදල් වංචාවන් පිළිබඳ කරුණු අනාවරණය කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමත් වී ඇත.

අන්තර්ජාල ගිණුම් ඔස්සේ මේ මහා පරිමාණ වංචාව සිදු කරනු ලබන බවට වාර්තා වී ඇත. මේ බව හෙළි වී ඇත්තේ අන්තර්ජාල ගිණුම් ඔස්සේ මුදල් වංචා කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් චීන ජාතිකයන් සිවු දෙනෙක් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදීය. එම අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වාර්තා කර තිබුණේ මහා පරිමාණයෙන් මුදල් වංචා කරන චීන ජාතික ජාවාරම්කරුවන් පිරිසකගේ ගිණුම්වල පසුගිය වසර 5 කදී රුපියල් මිලියන 1500 ක පමණ මුදලක් සංසරණය වී ඇති බවයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT