Monday, April 21, 2025
Home » ඉන්දීය මහකොමසාරිස් සහ අගමැතිනිය අතර හමුවක්

ඉන්දීය මහකොමසාරිස් සහ අගමැතිනිය අතර හමුවක්

by chanaka
December 14, 2024 8:15 am 0 comment

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් Santosh Jha මහතා සහ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්විණ.

මෙම හමුව අසල්වැසි රටවල් දෙක අතර දිගුකාලීන මිත්‍රත්වය සහ උපායමාර්ගික හවුල්කාරිත්වය තහවුරු කරන්නක් විය.

දැනට සංවර්ධනයේ විවිධ අදියරවල පවතින ද්විපාර්ශ්වික ව්‍යාපෘති රාශියක ප්‍රගතිය පිළිබඳව මෙම හමුවේදී සාකච්ඡා කෙරිණ.

අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි , අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් බී.ඩබ්ලිව්.ජී.සී. සාගරිකා බෝගහවත්ත, විදේශ කටයුතු අමාත්‍යාංශයේ දකුණු ආසියානු SAARC අංශයේ රාජ්‍ය තාන්ත්‍රික අධ්‍යක්ෂ ජනරාල් නිලූක කදුරුගමුව යන මහත්ම මහත්මීන් සහ ඉන්දියානු මහ කොමසාරාස් කාර්යාලයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් පිරිසක් මෙම හමුවට එක්වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT