අවුරුදු 19න් පහළ අන්තර් පාසල් දෙදින ක්‍රිකට් තරගාවලිය යටතේ පැවති තරගයකදී තුන් ඉරියව් දස්කම් දැක්වීමට කටුගස්තොට සාන්ත අන්තෝනි විදුහලේ නායක චාරුක ඒකනායක සහ කෙවන් රමික සමත් වූහ. අර්ධ ශතක රැස් කළ ඔවුන් දෙදෙනා 9 වැනි කඩුල්ලට ශතක (119) සබඳතාවක් ගොඩනැඟීම කැපීපෙනුණු අතර, මේ තරගයේදී රිච්මන්ඩ් පිල වෙනුවෙන් ශතකයක් රැස් කිරීමට නිකිල් ජයවීර සමත් විය. තවත් තරගයකදී පානදුර රාජකීය විද්‍යාලයේ නායක කවීෂ පෙරේරා මෙවර තරගවාරයේ තම දෙවැනි ශතකය රැස් කළේය.
සා. අන්තෝනි-රිච්මන්ඩ් තරගය ජය පරාජ නෑ
සා. අන්තෝනි පළමු ඉනිම – 275 (ඕවර 82.5) චාරුක ඒකනායක 92, අංජන දිනෙත් 55, කෙවන් රමික 53, නේතන් ඊබට් 25 (පුබුදු මිහිරංග 79/4, මලිත් ද සිල්වා 36/3, මිනග ආරියදාස 49/2) සහ දෙවැනි ඉනිම – 103/3 (ඕවර 21.3) කෞෂික කුමාරසිංහ 52, අංජන දිනෙත් 23
රිච්මන්ඩ් පළමු ඉනිම – 181 (ඕවර 63.4) නිකිල් ජයවීර 111, හේලිත් එදිරිසිංහ 23, මිනග ආරියදාස 23 (කෙවන් රමික 25/6, චාරුක ඒකනායක 61/2)
අම්බලන්ගොඩ ධර්මාශෝක – පානදුර රාජකීය
ධර්මාශෝක පළමු ඉනිම – 315 (ඕවර 65.2) චන්දූප කවිෂා 88, ඔමේග කරුණාරත්න 65, කවීෂ මතීෂ් 49, කවීෂ සඳරුවන් 33, ජිතිර සංසික 21 (සඳෙව් විජේරත්න 47/3, සත්සර නිලංජිත් 51/3, සේතික දිල්මිත් 58/3) සහ 153/5 (ඕවර 29.4) සුහස් ද සිල්වා 45, කවීෂ මතීෂ් 31, කවීෂ සඳරුවන් 21 (කවීෂ පෙරේරා 34/3)
පානදුර රාජකීය පළමු ඉනිම – 220 (ඕවර 64) කවීෂ පෙරේරා 104, උදාර ධනංජය 27, රන්මිර ප්‍රනාන්දු 20, සේතික දිල්මිත් 20 (ඉෂාන් අනුරාධ 65/3, රෙෂිත රුවිශ්වක 31/2, දිනෙත් ගිම්හාන 44/2) සහ දෙවැනි ඉනිම – 51/6 (ඕවර 37) කවීෂ පෙරේරා 25, උදාර ධනංජය නොදැවී 20 (ඉෂාන් අනුරාධ 35/2)