මහනුවර යාපනය ඒ නවය මාර්ගයේ මිරිස්ගෝනියාව ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පොලිස් සැරයෙන් වරයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා ඇති බව පොලිසිය පවසයි.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ හොරුවිල නාමල් පුර ප්‍රදේශයේ පදිංචිව සිටි කැකිරාව පොලිසියට අනුයුක්තව රාජකාරී කළ ජේම්ස්ගේ නිහාල් රූපසිංහ (38648) නමැති පොලිස් සැරයන්වරයෙකි.
මහනුවර යාපනය ඒ නවය මාර්ගයේ දඹුල්ල සහ මඩාටුගම අතර ප්‍රදේශයේ 75 වන කිලෝ මීටර් කණුව අසලදී මෙම සැරයන්වරයා ගමන් කල බොලෙරෝ වර්ගයේ කැබ් රථය, බස් රථයක ගැටීම හේතුවෙන් පසුගිය 11දා මෙම අනතුර සිදුව තිබූ බව පොලිසිය කියයි.
නඩුවකට අදාළව සාක්ෂි ලබා දීම සඳහා මෙම සැරයන්වරයා මාතලේ මහාධිකරණය වෙත ගොස්, එම රාජකාරිය අවසන් කර රථයක නැගී යලි කැකිරාව පොලිස් ස්ථානය බලා පැමිණෙමින් සිටියදී මෙම අනතුර සිදුව තිබූ බව පොලිසිය සඳහන් කළේය.
ජීවිතක්ෂයට පත් වූ එම නිලධාරියාගේ අවසන් කටයුතු අද (13දා) පස්වරුවේ හොරු විල නාමල් පුර ප්‍රදේශයේදී සිදු කිරීමට නියමිතව තිබුණි.