Home » පාවහන් නිෂ්පාදනය කරන හොරණ සමාගමකට වාරණ නියෝගයක්
ප්‍රසිද්ධ සමාගමක වෙළෙඳ ලකුණක් භාවිත කරමින්

පාවහන් නිෂ්පාදනය කරන හොරණ සමාගමකට වාරණ නියෝගයක්

by mahesh
December 13, 2024 1:00 am 0 comment

චන්දන ජයවීර

ඩීඑස්අයි පාවහන් නිෂ්පාදන සමාගමට අයත් ‘ෆන් සෝල්’ නම් වෙළෙඳ ලකුණ අනුකරණය කරන ආකාරයේ පාවහන් නිෂ්පාදනය, බෙදාහැරීම, අලෙවිය වළක්වන වාරණ නියෝගයක් වාණිජ මහාධිකරණය විසින් හොරණ ප්‍රදේශයේ පිහිටි පාවහන් නිෂ්පාදන සමාගමකට එරෙහිව පසුගියදා නිකුත් කරනු ලැබීය.

බුද්ධිමය දේපළ පනත යටතේ ඩී. සැම්සන් සහ පුද්ගලික සමාගම පැවරූ නඩුවක් සලකා බැලීමෙන් පසු වාණිජ මහාධිකරණ විනිසුරු ජගත් ඒ. කහඳගමගේ මහතා ලබන 18දා දක්වා බලපැවැත්වෙන පරිදි මෙම නියෝගය නිකුත් කළේය.

ෆන් සොල් වෙළෙඳ ලකුණ උල්ලංඝනය කරමින් අසාධාරණ තරගයක නියැළීමට එරෙහිව මෙම නඩුව පවරා තිබේ.

පැමිණිලිකාර සමාගම වෙනුවෙන් නීතිඥ සුදත් පෙරේරා ඇසෝසියේට්ස්හි උපදෙස් පරිදි නීතිඥ මනෝජ් බණ්ඩාර මහතා අධිකරණයට කරුණු දැක්වූ අතර, විත්තිකාර සමාගම වෙනුවෙන් නීතිඥ විදුර රණවක මහතා පෙනී සිටියේය. විත්තියේ විරෝධතා ලබන 18දා ඉදිරිපත් කිරීමට නියම විය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT