Sunday, April 20, 2025
Home » බෙංගාල බොක්කේ අඩු පීඩන කලාපය දුර්වල වෙයි

බෙංගාල බොක්කේ අඩු පීඩන කලාපය දුර්වල වෙයි

by mahesh
December 13, 2024 1:00 am 0 comment

උපාලි කරුණාරත්න, ආරියරත්න ගනේගොඩ (මැද කොළඹ සමූහ)

නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති අඩු පීඩන කලාපය දුර්වල වෙමින් පවතී. නැවත මෙම මස 15, 16 පමණ වන විට වායුගෝලයේ කැලඹිලි සහිත තත්ත්වයක් නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ඇති වීමට ඉඩ ඇති බව කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ සචිත් වික්‍රමසූරිය මහතා පැවසීය. ඊයේ (12) පෙ.ව 8.30න් අවසන් වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය මි.මී 142.4ක් ලෙස අච්චුවේලි ප්‍රදේශයෙන් වාර්තා විය. අද (13) දිනයේ උතුරු, උතුරු-මැද, බස්නාහිර පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවත් උතුරු පළාතේ ඇතැම් ස්ථානවලට මි.මී 50ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද දිනය සඳහා කාලගුණ අනාවැකිය නිකුත් කරමින් සඳහන් කරයි. සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් ඌව පළාතේ ඇතැම් ස්ථානවලට මි.මී. 75ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බවද එහි සඳහන් වේ. මධ්‍යම, සබරගමුව, දකුණු සහ ඌව පළාත්වල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිය. පුත්තලම සිට මන්නාරම සහ කන්කසන්තුරය හරහා මුලතිව් දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු හෝ ඉතා රළු විය හැකි අතර පුත්තලම සිට කොළඹ හරහා ගාල්ල දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැකිය. දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශද විටින් විට මඳ වශයෙන් රළු වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT