Sunday, April 20, 2025
Home » කෘත්‍රීම වනාන්තරකරණයෙන් චීනය ලොව ඉදිරියෙන්

කෘත්‍රීම වනාන්තරකරණයෙන් චීනය ලොව ඉදිරියෙන්

by chanaka
December 13, 2024 3:27 pm 0 comment

කාන්තාරකරණයට එරෙහිව සටන් කිරීමේ එක්සත් ජාතීන්ගේ සම්මුතියට අදාළ පාර්ශ්වයන්ගේ 16 වැනි සමුළුවේ(COP16) ස්ථාපිත ‘චීන මණ්ඩපය’ පැසසුමට ලක් වේ.

එම සමුළුව සෞදි අරාබියේ Riyadh නුවර දී පැවැත්වේ. කාන්තාරකරණ වැළැක්වීම් හා පාලන මෙන් ම උතුරු චීනයේ පාරිසරික තත්ත්වයන් වැඩිදියුණු කිරීමට ගෙන ඇති චීනයේ ප්‍රධාන මුලපිරුමක් වන Three-North Shelterbelt නම් වනාන්තරයකරණ ප්‍රගතීන් හා අත්දැකීම් බෙදා දීම උදෙසා ‘චීන මණ්ඩපය’ එහිදී ස්ථාපිත කර තිබේ. හුවමාරු, සහයෝගිතා හා අත්දැකීම් බෙදා දීම ඉන් තහවුරු කර ඇති අතර එම මණ්ඩපය ජගත් ප්‍රජාවේ අවධානය හා අගැයීමට ලක් වී තිබීම විශේෂත්වයකි.

2023 වසර අවසානය වන විට, චීනයේ වන ආවරණ අනුපාතය 25% ඉක්මවා ගොස් ඇති අතර, වන ගහනය ඝණ මීටර් බිලියන 20 ඉක්මවා ඇත. කෘත්‍රිම වන වගා පරිමාණය ලොව පුරා පෙරමුණ ගෙන ඇති අතර, ගෝලීය වශයෙන් වනාන්තර වර්ධන ප්‍රමාණය ඉහළම මට්ටමක පවතින රට බවට චීනය පත් ව සිටීම ද කැපී පෙනේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT