Saturday, April 19, 2025
Home » සඳුදා වැටෙන්නේ සිකුරාදාට 21 දා

සඳුදා වැටෙන්නේ සිකුරාදාට 21 දා

by mahesh
December 13, 2024 1:00 am 0 comment

Colombo Tea Tasters සිංහ සමාජය යනු 306 C1 දිස්ත්‍රික්කයේ තේ නිෂ්පාදනයට සම්බන්ධ සාමාජික සාමාජිකාවන්ගෙන් සමන්විත වූ ජාත්‍යන්තරව විශේෂිත වූ සිංහ සමාජයකි. මේ සිංහ සමාජය මඟින් 2022 වර්ෂයේ දී Sihara වතු යායෙත්, 2023දී STONNY CLIFF වතු යායෙත් සේවක සේවිකාවන් වෙනුවෙන් විශාල සමාජ සත්කාර ගණනාවක් සිදු කර ඇත. ලේ පරිත්‍යාග, අක්ෂි, දන්ත පරීක්ෂා, දියවැඩියාව ඇතුළු ලේ පරීක්ෂාව, වෛද්‍ය පහසුකම් ලබාදීම්, පාසල් පොත්පත් සහ ක්‍රීඩා උපකරණ බෙදා දීම්, මහරගම අපේක්ෂා රෝහලට ඖෂධ පරිත්‍යාග, ගස් සිටුවීම් ඇතුළු බොහෝ සමාජ සත්කාරයන් පසුගිය කාලය පුරා සිදුකර ඇත.

දෙණියාය කේන්ද්‍රව වතු ආශ්‍රිත තේ දලු නෙළන්නන්ගේ සේවයට ගරු කරමින්, පිළිකාවෙන් පෙළෙන දරුවකුට අවශ්‍ය ප්‍රතිකාර සඳහා සහායවීම, වතු කම්කරු ගැබිනි මවුවරුන්ට අවශ්‍ය පෝෂණ මලු බෙදාදීම, වතු කම්කරු දරුවන්ගේ දිවා සුරැකුම් මධ්‍යස්ථානයට මාසයක දිවා ආහාර ලබාදීම, සේවක සේවිකාවන්ගේ ඇස් පරීක්ෂාව සහ ඇසේ සුද ඉවත් කිරීම සඳහා හඳුනාගන්නා දහදෙනකුට අවශ්‍ය ශල්‍යකර්මයන් සිදු කිරීම, දියවැඩියාව, රුධිර පීඩන පරීක්ෂාව සහ දන්ත සායනයක් පැවැත්වීම, 2025 වර්ෂය වෙනුවෙන් වතු කම්කරු සේවක සේවිකාවන්ගේ දරුවන් සියයකට පමණ අවශ්‍ය පොත්පත් ලබාදීම, මහරගම පිළිකා රෝහලේ රෝගීන්ගේ එක් වේලක් සඳහා තැඹිලි බෙදාදීම, RTSL සුබසාධන පදනම හා එක්ව නිකවැරටිය, වඳුරැස්ස ප්‍රදේශයේ ඉදිකරනු ලබන අලි වැට සඳහා දායකත්වය ලබාදීම යනාදී මහඟු සද්කාරයන් සිදු කිරීමට අදහස් කරයි.

“සඳුදා වැටෙන්නේ සිකුරාදාට” වේදිකා නාට්‍යය වේදිකාගත කිරීමෙන් මීට අවශ්‍ය ප්‍රතිපාදන උපයා ගැනීමට අපේක්ෂා කෙරේ.

ලබන 21 දා, පිළියන්දල මධ්‍යම මහා විද්‍යාලයීය රංගශාලාවේදී “සඳුදා වැටෙන්නේ සිකුරාදාට” සවස 3.30ට සහ 6.30ට වේදිකාගතවේ. ශ්‍රී ලාංකේය තේ සන්නාම ලොවට ගෙනයන වතුකර ජනතාව සහ ඔවුන්ගේ දරුවන්ගේ ජීවිත, සුවසේ ජීවත් කරවීම උදෙසා මෙය නරඹා ඔබටත් දායක විය හැකියි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT