අද අපගේ වැකියට ප්‍රස්තුත වන්නේ ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රකාශයකි. අමාත්‍ය නලින්ද ජයතිස්සගේ එම ප්‍රකාශය කෙරෙහි සමස්ත සිවිල් සමාජයේ දැඩි අවධානය යොමු වී ඇතැ‘යි කීම සත්‍යෙයකි. එම ප්‍රකාශයෙහි සඳහන් වූයේ පසුගිය කාලය තුළ විවිධ සිදුවීම් ඔස්සේ අයුක්තියට, අසාධාරණයට හා පළිගැනීමට ලක්වූ මාධ්‍යකරුවන් හා ඔවුන්ගේ ඥාතීන් වෙනුවෙන් යුක්තියත් සාධාරණත්වයත් ඉටු කිරීමට වත්මන් ආණ්ඩුව නිත්‍ය ලෙසම මැදිහත් වන බවය. කතාවට වඩා ක්‍රියාවෙන් තම වගකීම් ඉටු කිරීමට හා සනාථ කිරීමට උත්සුක වන අලුත් ආණ්ඩුවේ අභිනව අමාත්‍යවරයා කෙරෙහි විශ්වාසය තබා ගත යුතු යැයි අපට ද සිත් වේ.
උතුරේ සිවිල් යුද්ධය නිමාවීමට ඔන්න – මෙන්න කියා තිබිය දී අපේ වෘත්තීය පත්‍ර කලාවේදීන්ගේ සංගමය දින දෙකක විශේෂ සම්මන්ත්‍රණයක් කැඳවා තිබිණි. එහි මාතෘකාව වූයේ මාධ්‍යෙව්දීන්ගේ පෞද්ගලික ආරක්ෂාව කෙසේ සපයාගත යුතුද යන්නය. එම සම්මන්ත්‍රණය කොළඹින් බැහැර නිවාඩු නිකේතනයකදී පැවැත්වූ අතර එය අපූරු සංවාදයක් බවට පත්විය. එම වර්ෂය තුළදී ජනමාධ්‍ය ක්ෂේත්‍රෙය් වැඩිම අවදානම පැවැතියේ පිලිපීනයේ මාධ්‍ය සමාජවලටය. මාධ්‍යකරුවන් වැඩිම ගණනක් ඝාතනයට ලක්ව තිබුණේ ද පිලිපීනයේය. පිලිපීනයෙන් එදා අපට අසන්නට ලැබුණු ආරංචියක් ද එහිදී සංවාදයට ලක්විය.
එදා පිලිපීන ජනමාධ්‍ය සංසදවල උපායමාර්ගය වූයේ මාධ්‍යකරුවාට පිස්තෝලයක් ලබාදීම, වෙඩි තැබීමට පුහුණුවක් ලබාදීම හා ආත්මාරක්ෂක සටන් ක්‍රම ඉගැන්වීමය. මේ ක්‍රමය ශ්‍රී ලංකාවේ වැඩි දෙනකු ද අනුමත කළ නමුදු රජයෙන් එබඳු ඉල්ලීමක් කිරීමට කිසිවකු ඉදිරිපත් වූයේ නැත. පිලිපීන ක්‍රමය එදා සංවාදයට ගැනිණි. එවකට අපේ වෘත්තීය පත්‍ර කලා සංගමයේ සභාපතිවරයා වූයේ සනත් බාලසූරිය මහතාය. ලේකම්වරයා වූයේ පෝද්දල ජයන්ත මහතාය. සම්මන්ත්‍රණය දින දෙකක් තිස්සේ පැවතිය ද එකඟතාවට පැමිණ රජයෙන් කිසිවක් ඉල්ලා සිටීමට හෝ යෝජනා ඉදිරිපත් කිරීමට හෝ පෙලඹුණේ නැත. එහෙත් මාධ්‍යෙව්දීන්ගේ ආරක්ෂාව ගැන තම තමන්ම උනන්දුවීමට හා පියවර ගැනීමට කවුරුත් වගබලා ගත්හ.
තවත් දින කිහිපයක් ගෙවී යද්දී අතිශය නරක හා ආන්දෝලනාත්මක ප්‍රවෘත්තියක් රට පුරා පැතිර ගියේය. එනම්, පෝද්දල ජයන්ත මහතාගේ කකුලක් කඩා ඔහුට අමානුෂික ලෙස පහරදී හෙතෙම කුණු කානුවකට ඔබා ගොස් සිටියදී මහජනයා විසින් බේරාගෙන රෝහල්ගත කරන ලද බවය. පෝද්දල ජයන්ත මහතා එවකට සිළුමිණ පුවත්පතේ සේවය කළ අතර ජාතිවාදයට හා ආගම්වාදයට එරෙහිව ක්‍රියාකරන්නකු ලෙසද ප්‍රකටව සිටියේය. එවකට ආරක්ෂක ලේකම්වරයා වූ ගෝඨාභය රාජපක්ෂ මහතා කිහිපවරක්ම පෝද්දලට උපදෙස් ලබාදී තිබුණේ යුද්ධයට පක්ෂපාතී ලෙස හා ත්‍රස්තවාදයට විරුද්ධව පෑන මෙහෙයවනු යන්නය. පෝද්දල ජයන්ත පමණක් නොව; පත්‍ර කලා සංගමයේ කිසිවකු ගෝඨාභයගේ අදහස් පිළිගත්තේ නැත. වැඩිකල් යෑමට මත්තෙන් දඩයම ආරම්භ විය.
දකුණු ආසියාවේ ජනමාධ්‍ය සංසදය, නිදහස් මාධ්‍යෙව්දීන්ගේ සංගම් කිහිපයක් හා රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක් ද මෙරට මාධ්‍යෙව්දීන්ගේ සහයෝගයට ඉදිරිපත් වූහ. ඒ අනුව සැලකිය යුතු පිරිසක් රට හැර ගියහ. තවත් පිරිසක් සිය වෘත්තිය අත්හැර ඈත පළාත්වලට පැන ගියහ. සමහරු ගොවිතැන් කළහ. තව සමහරු මැණික් ගරන්නට පටන් ගත්හ. සුළු පිරිසක් ජාවාරම්වලට ඉදිරිපත් වූහ. ජනමාධ්‍යයට ඉතා අහිතකර කාලයක් උදාවී තිබුණි. උතුරේ වාර්තාකරුවන් විසි ගණනක් අතුරුදන් වූහ. ඔවුන් ගැන නිවැරැදි තොරතුරු හා දත්ත අදටත් නැත. ප්‍රකට ඉංග්‍රීසි මාධ්‍යවේදියකු වූ ලසන්ත වික්‍රමතුංග මහමඟදී සාහසික ලෙස ඝාතනය ෙකරිණි. ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් විය. අදටත් ඔහු ගැන තොරතුරක් නැත.
ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිය වූ සන්ධ්‍යා එක්නැලිගොඩට සිය ජීවිතය ගෙන යෑම සඳහා බත් පැකට් කිරීමටත් පාරවල්වල රස්තියාදු වෙමින් ඒවා විකිණීමටත් සිදු විය. මේ හැරෙන්නට ඇයට විඳින්නට සිදුවූ අවමාන හා අපහාස අප්‍රමාණය. ඇය මෙරට භික්ෂූන්ගේ පවා විවේචනයට හා ශාපයට ලක් වූවාය. ලසන්ත වික්‍රමතුංග මහතාගේ දියණියක විසින් ලියන ලද සංවේදී ලිපියක් මීට වසර දෙකකට හෝ තුනකට හෝ පෙර ඉංග්‍රීසි පුවත්පතක පළවී තිබිණි. ඊට අවධානය යොමු කළ ඇතැම් නීතිවේදීන්ගේ අදහස වූයේ මරා දැමුණු මාධ්‍යකරුවන්ගේ ඥාතීන් නැතහොත් මේ සිදුවීම්වල වින්දිතයන් වෙනුවෙන් රටේ බලවත් ආයතන කුමක් හෝ සිදු කළ යුතු බවය. වරින් වර විවිධ අදහස් හා යෝජනා ඉදිරිපත් වන්නේ වුව සත්‍යය ලෙසම ඔවුන් වෙනුවෙන් ඉටු වූ යුක්තියක් නැත. අපට හැඟෙන පරිදි එය ඉටු කිරීම සඳහා සුදුසුම කාලය දැන් පැමිණ තිබේ.
සිවිල් යුද්ධය, ත්‍රස්තවාදය, අන්තවාදය, ජාතිවාදය හා ආගම්වාදය එකට ගැට ගැසී පැවැතුණු අතර එහිම ප්‍රතිඵලයක් ලෙස වංචාව, දූෂණය මහා පරිමාණයෙන් ඉහළ ගියේය. යුද්ධය, පාලකයන්ගේ දූෂණයට අවශ්‍ය පරිසරය හොඳින් සකස් කළේය. ලොව ඇති හොඳම ගනුදෙනුව හා ලාභදායී ව්‍යාපාරය ආයුධ නිෂ්පාදනය හා අලෙවිය යැයි කියනු ලැබේ. මේ අනුව සාමය වෙනුවෙන් පෙනී සිටින බලවත් රටවල්ම බරපතළ ආයුධ ගනුදෙනුවල යෙදී සිටිනු දැකගත හැකිය. මේ අනුව යුද්ධ වැළැක්වීම මෙන්ම ගැටුම් කළමනාකරණයත් අපහසු, දුෂ්කර ක්‍රියාවලියක් බවට පත් වී ඇත. වංචා, දූෂණ හා මහා පරිමාණ අපරාධ නැවැත්වීමට නම්, සත්‍ය ලෙසම යුද විරෝධී කණ්ඩායම් අතට පාලන බලය යා යුතුය. ශ්‍රී ලංකාව තුළ දැන් එම පරිවර්තනය සිදු වී ඇත.
ජනමාධ්‍ය පවතින්නේ ගිනි ඇවිළවීමට නොව; ගිනි නිවීමට යැයි මතයක් තිබේ. එහෙත් දීර්ඝ කාලයක් තිස්සේ අපේ රටේ සිදුවී ඇත්තේ ගිනි ඇවිළවීමය. ජාතිවාදය ඇවිස්සීමය. ආගම්වාදය ව්‍යාප්ත කිරීමය. යුද්ධය වැඩිදියුණු කොට යුද වීරයන් තනා ඔවුන් වෙත රාජ්‍ය බලය ළඟා කරදීමය. මෙය බලවත් විනාශයක මුල වන්නා සේම සමාජ විකෘතියක ආරම්භය ද වන්නේය. මේවා වෙනස් විය යුතුය. සහමුලින්ම වෙනස් විය යුතුය. “රෙජීම් චේන්ජ්” යන්නෙහි සැබෑ අර්ථය ද එයම වෙයි. හඬක් නැති දහස් ගණනන් ජනී ජනයා වෙනුවෙන් හඬක් වීමට ප්‍රයත්න දරන ජනමාධ්‍යෙව්දියා වෙනුවෙන් පෙනී සිටීම හා යුක්තිය ඉටු කිරීම සිදු විය යුත්තකි. රජයක් එය තේරුම්ගෙන තිබීම අප ලබන මහත් සහනයකි.
ජනමාධ්‍යකරුවා වෙනුවෙන් යුක්තිය ඉටු කිරීම පහසු කාරණයක් නොවන්නට පුළුවන. එය තනි වගකීමක් ලෙස ගතහොත් දුෂ්කර කටයුත්තක් බව පෙනී යයි. එහෙත් සමාජ කණ්ඩායම් රැසක් ඒ සඳහා ඉදිරිපත් වන්නේ නම්; එය දුෂ්කර කටයුත්තක් නොවනු ඇත. මේ ආරම්භය ශක්තිමත්ය. එමෙන්ම විවෘතය. එබැවින් බොහෝ දෙනා රජය සමඟ එක පෙළට සිටගනු ඇත.