නිරෝෂන් දික්වැල්ලට පනවා තිබූ වසර 03ක ක්‍රිකට් තහනම මාස 3 දක්වා අඩු කර ඇති බව ක්‍රිකට් ආරංචි මාර්ග පවසයි.
2024 ලංකා ප්‍රීමියර් ලිග් ක්‍රිකට් තරගාවලියේ ගෝල් මාවල්ස් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ නිරෝෂන් දික්වැල්ල තරගාවලිය අතරතුර කොකේන් මත්ද්‍රව්‍ය ලබාගෙන තිබූ බවට චෝදනා එල්ල වී තිබුණි.
පසුව ඒ පිළිබදව ශ්‍රී ලංකා තහනම් උත්තේජක මර්දන ආයතනය සිදුකළ පරීක්ෂණයේදී දික්වැල්ල කොකේන් මත්ද්‍රව්‍ය ලබාගෙන ඇති බවට තහවුරු වූ අතර එහි ප්‍රතිපලයක් ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් දික්වල්ලට පසුගිය සැප්තැම්බර් මාසයේදී වසර 3ක ක්‍රිකට් තහනමක් පැනවීමට කටයුතු කළේය.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් නිරෝෂන් දික්වැල්ල අභියාචනයක් යොමු කර තිබුණි.
ඒ අනුව එහි තීන්දුව අද (11) දින ප්‍රකාශයට පත් කළ අතර එහිදී දික්වැල්ලට පනවා තිබූ වසර 3 ක ක්‍රිකට් තහනම මාස 3 ක් දක්වා අඩුකර තිබේ.
එම තීන්දුව හෙට දිනයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත භාරදීමෙන් පසු ඔවුන් විසින් ඊට අදාල ඉදිරි පියවර ගැනීමට නියමිතය.