88
බොරැල්ල වනාතමුල්ල ප්‍රදේශයේදී රුපියල් කෝටි 3 ක් ආසන්න වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව බොරැල්ල පොලිසිය කියයි.
එම සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 2 යි ගෑම් 100 පොලිස් භාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 20 ක් වන මුල්ලේරියාව පදිංචිකරුවෙකි .
බොරැල්ල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජනක පියදර්ශන විතානගේ මහතාගේ උපදෙස් මත විමර්ශන සිදු කෙරේ.