ඇමෙරිකානු ඩොලර් මිලියන 125ක මූල්‍ය අධාරමත ශ්‍රී ලංකාවේ පළාත් 06ක දිස්ත්‍රික් 11ක ක්‍රියාත්මකවන ,දේශගුණ සුහුරු වාරි කෘෂිකර්ම ව්‍යාපෘතිය මෙතෙක් අත්කරගත් ප්‍රගතිය නිරීක්ෂණය සඳහා ලෝක බැංකුවේ විශේෂ නියෝජිත පිරිසක් පසුගියදා සංචාරයක නිරතවිය.
එහිදී ලෝක බැංකුව නියෝජනය කරමින්, කාර්ය කණ්ඩායම් නායක (TTL) සහ දූත මණ්ඩල නායක ආචාර්ය ෂෙවු සලාවු මහතා සමග උපදේශකවරුන් වන එස්. මනෝහරන් සහ මහාචාර්ය වී.කේ. රවිචන්ද්‍රන් යන මහත්වරු දකුණ, ඌව සහ නැගෙනගිර පළාත්වල සංචාරයක නිරතුවූ අතර ඔවුහු ඒම ප්‍රදේශවල ගොවි ජනතාව සමග ද සුහද පිළීසඳරක නිරත වූහ.
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතියේන් ප්‍රතිසංස්කරණය කරන ලද වැව්, පිට වාන්, ක්ෂේත්‍ර ඇල මාර්ග, වාන් දොරටු, වග ලිං සහ විදුලි වැටවල් ඉදිකිරීම්, ක්ෂුද්‍ර වාරි පද්ධති, කෘමින්ගෙන් වගාව ආරක්ෂාකරන දැල් සහ සූර්ය කෝෂ භාවිතයෙන් ජලය පොම්ප ලබාදීම් මෙන්ම , වගා ක්ෂේත්‍ර, අගය එකතු කළ නිෂ්පාදන අලෙවි කරන ගොවින් සහ එල්ලංගා කළමනාකරණ කමිටු රැස්වීම් දැකගත ගැනීමට ලෝක බැංකුව නියෝජිතයන්ට හැකි වීය.
සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සඳහා සහ ලෝක බැංකුවේ මූල්‍ය ආධාරවලින් උපරිම ප්‍රයෝජනයක් ගන්නේද යන්නත් මෙම ලෝක බැංකු කණ්ඩායම සොයාබලයි.මෙම සංචාරයට සමගාමීව ලෝක බැංකුවේ තවත් කණ්ඩායමක් උතුරු සහ උතුරුමැද පළාත්වලද දේශගුණික සුහුරු වාරි කෘෂිකර්ම ව්‍යාපෘතියේ ප්‍රගතිය නිරීක්ෂණය කටයුතු වල නිරත වූහ.
බුද්ධිකා ඉඹුලාන