Home » අවිධිමත්ව පරිසරයට බැහැර කළ ප්ලාස්ටික් ඇතුළු දිරාපත් නොවන අපද්‍රව්‍ය ටොන් ගණනක් වික්ටෝරියා ජලාශයට එකතු වෙලා

අවිධිමත්ව පරිසරයට බැහැර කළ ප්ලාස්ටික් ඇතුළු දිරාපත් නොවන අපද්‍රව්‍ය ටොන් ගණනක් වික්ටෝරියා ජලාශයට එකතු වෙලා

-අපද්‍රව්‍ය ඉවත් කරන්න මහවැලි අධිකාරිය පියවර අරන්

by sachintha
December 11, 2024 1:00 am 0 comment

අවිධිමත් ලෙස පරිසරයට බැහැර කර තිබූ ප්ලාස්ටික් බෝතල් ඇතුළු දිරාපත් නොවන අපද්‍රව්‍ය ටොන් ගණනක් වර්ෂාවත් සමඟ මහවැලි ගඟ ඔස්සේ වික්ටෝරියා ජලාශයට එක්ව තිබෙන බව මහවැලි අධිකාරිය පවසයි.

මෙම අපද්‍රව්‍ය ලේවැල්ල පාලම අසල එක්රැස් වී තිබෙන අතර, ඒවා ඉවත් කිරීමේ කටයුතු වික්ටෝරියා වේල්ල භාර ප්‍රධාන ඉංජිනේරු වසන්ත ඇහැලපිටිය මහතාගේ මූලිකත්වයෙන් සිදු කෙරෙයි.

මෙයට පෙරද මේ හා සමාන ප්ලාස්ටික් බෝතල් හා පොලිතීන් තොගයක් බෝට්ටුවක් ආධාරයෙන් ඉවත් කළ බව ද ඒ මහතා කීය. ලේවැල්ල පාලම ඉදිකිරීමෙන් පසු එම ස්ථානයේ තිබූ පැරණි සංගිලි පාලමේ කොටසක් ජල පෘෂ්ඨය මතට ඇද වැටී තිබෙන බවත් දියපාර ඔස්සේ එන ප්ලාස්ටික් බෝතල් ඇතුළු අපද්‍රව්‍ය ඒවාහි රැඳෙන බවත් ප්‍රධාන වේලි හා මහවැලි ජලාශ (අධ්‍යක්ෂ) ඩී.එම්. ධර්මදාස මහතා කීය. මෙම පාලමේ කොටස් ඉවත් කරන ලෙස මහනුවර නගර සභාවට දැනුම් දී තිබෙන නමුත් මෙතෙක් ඒවා ඉවත් කිරීමට ඔවුන් කිසිදු පියවරක් ගෙන නොමැති බව ද ඒ මහතා පැවසුවේය.

අසේල කුරුළුවංශ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT