හෝමාගම මූලික රෝහලේ ප්‍රධාන ගේට්ටුවට මුහුණලා ඇති තුන්මං හන්දිය නිතර දෙවේලේම ජනාකීර්ණ හා කලබලකාරී බවක් උසුලයි. මෙහි හෝමාගම රෝහල දුම්රිය ස්ථානය වෙත දිවෙන මාවත ආරම්භක ස්ථානය වැසි දිනවල මෙන්ම සාමාන්‍ය දිනවලටත් ඉතා අපිරිසිදු හා දුර්ගන්ධයක් උසුලයි. මේවා කුණුවළවල් හෝ වැසිකිලි වළවල් විය හැකිය.
එහි ඇති අනතුරුදායක තත්ත්වය නම් දිරාපත්ව හා ගිලෙන්නට මෙන් ඇති ස්වරූපයයි. තවද මෙය ඉතා අපවිත්‍ර ස්වභාවයකින් යුක්තය. කුණු පිලිස්සීමත්, කුණු එකතුවත් ආකාරයට පවතී. වළවල් දෙකේ පියන් දෙකෙන් ඇතැම් වැසි කාලයට අපවිත්‍ර ජලය පිටාර ගලයි. අනතුරක සේයාවක්ද පවතී.
මේවා දිරාපත්ව දිස් වෙන අතර කැඩී ගියහොත් අසලින් ගමන් ගන්නා අයෙකු වළට ඇදවැටීමට වුව ඉඩ ඇත. අනතුරු බව හඟවා ලණුවක් ඇද තිබුණද අසලින් ගමන් ගන්නා වාහන නිසාවෙන් එය එහා මෙහා වෙයි. දන්නා කවරෙකු හෝ ඒය සිටු වූවේ නැතිනම් මගින් ඒ මතින් ද ගමන් කරති. මේ දැඩි අවදානම් තත්ත්වය පිළිසකර නොකළ හොත් දැඩි අනතුරක් සේම අපවිත්‍ර දුර්ගන්ධය පරිසරයට එකතු වීම වැළැක්විය නොහැකිය. හෝමාගම ප්‍රාදේශීය සභාවේ ලේකම්තුමනි, මෙයට වහාම අවධානය දෙන්න.
ප්‍රදේශවාසීන්