Saturday, April 19, 2025
Home » ආරෝහ පරිණාහ මළ කඳට ඩිජි­ට­ල­යි­ශේ­ෂන්

ආරෝහ පරිණාහ මළ කඳට ඩිජි­ට­ල­යි­ශේ­ෂන්

by Gayan Abeykoon
December 11, 2024 1:00 am 0 comment

පන් ගෙයි ඩිජි­ටල් වූවෝ වනාහි 1996 සහ 2010 යන කාල පරා­සයේ උප­න්න­හුය. ඔවුහු සිය බිහිදොරේ සිටම ඩිජි­ටල් කද­ම්බය මීට මොළ­වා­ගෙන ආහ. එය ලෝක ශිෂ්ටා­චා­රය විෂ­යෙහි නව පර­ම්ප­රා­වකි. ඩිජි­ටල් යුගය ආර­ම්භ­යේදී ආධු­නි­ක­යන් වූ පෙර පර­ම්ප­රාව මෙන් නොව මේ පර­ම්ප­රාව කර ඔසවා ලෝකය දෙස බලන විටම සියල්ල යතුරු පුව­රුවේ මිඩංගු වී තිබු­ණේය. එතැන් සිට ලෝකයේ කතාව ගලා ගියේ වෙනත් ආර­ක­ටය. එවන් ලෝක­යක් සුබ අසුබ විග්‍ර­හ­යක් සඳහා නොව එසේ උදාවූ ලෝකයේ ලබා ගත හැකි වාසි සම්බ­න්ධ­යෙන් මේ තීරුව අද උත්සුක වන්නේය.

ශ්‍රී ලංකාව ඩිජි­ටල් කිරීම සඳහා වූ න්‍යාය විග්‍ර­හ­යන් අටෝ රාශි­යක් අප අසා ඇත. ඒ සඳහා වූ කෙටු­ම්පත් ගණ­නා­වක් ද, ප්‍රති­පත්ති සැල­සුම් සමු­දා­යක් ද තිබේ. වැඩේ එතැ­නින් එහාට පත්තු නොවීම හේතු­වෙන් තවම බොහො­ම­යක් කාරණා ඇත්තේ, එක­ද­හස් නව­සිය පනහේ සම­යේය. පොලිස් දඩ කොළය උදා­හ­ර­ණය වන්නේය. පොලී­සියේ රාල­හාමි වාහ­නය නවතා දඩ කොළ­යක් ලබා දෙන්නේය. අධි­වේ­ගයේ මත්ත­ලින් බැස කත­ර­ගම යන පිරි­සක් වෙත ඒ ආකා­ර­යට දඩ­කො­ළ­යක් ලැබුණු විට, පළාතේ පොලී­සි­යට යා යුතුය. එතැ­නට ගොස් දඩ කොළ­යක් ලියා ගත යුතුය. එය රැගෙන තැපැල් කන්තෝ­රු­වට යන විට දහ­වල් 12 සිට 1 දක්වා දිවා ආහා­රය සඳහා එය වසා ඇත. සන්ධ්‍යාවේ නම් පහෙන් පසු තැපැල් කන්තෝ­රුව වසා තිබේ. දඩය ගෙවා තැපැල් කන්තෝ­රු­වෙන් කොළය ගෙන යළි පොලීසි යා යුතුය. රථ වාහන අංශ­යෙන් ලයි­සන් එක රැගෙන යා හැකිය. මේ රස්ති­යා­දුව ගැන මහ­ජන මත­යක් ඇතිවී වසර පහ­ළො­ව­කට අධි­කය. ඔය ආකා­ර­යට පැය දෙක තුනක් දඩ කොළ­යක් වෙනු­වෙන් ගෙවී­මට සිද්ධ වීම, එකම වර­දට දඬු­වම් දෙකක් ලබා­දී­මකි. මෙම යන්ත්‍ර­ණය ඩිජි­ටල් මාව­තක රැගෙන යන ලෙස කළ ඉල්ලීම් තිබි­යදී මීට වස­ර­කට පමණ පෙර ඊට පිළි­තු­රක් ලැබිණි. ඒ වූ කලී දඩ කොළය ගෙවීමැ සඳහා පැය විසි­හ­ත­රම තැපැල් කන්තෝරු විවෘත කර තැබී­මය.

ජේන් ඉසෙඩ් පර­ම්ප­රාව ද දැන් වයස අවු­රුදු දහ අටක පමණ මධ්‍යන අග­ය­කට ලොකු මහත් වී තිබේ. යළිත් වැඩේ පරණ පාරේම කර­කැ­වෙ­නවා මිස ඩිජි­ටල් විස­ඳු­මක් ලබා­දීමේ ශක්‍ය­තා­වක් රාජ්‍ය යන්ත්‍ර­ණ­යට ලැබී නැත. ස්මාට් දුර­ක­ත­න­යක් සහි­තව බොහෝ පිරි­සක් සිටිනා බැවින් පොලී­සිය, රාල­හාමි සහ රියැ­දුරා යන පාර්ශ්ව මේ හරහා පහ­සු­වෙන් ඒකා­බද්ධ කර, රථ වාහන දඩය සඳහා ක්‍රම­වේ­ද­යක් සෑදී­මට මාස හයක් ප්‍රමා­ණ­වත්ය. එසේ වුවද තවම දඩ කොළය යන්නේ පරණ පාරේය. ඔය ආකා­ර­යට දඩ­යට රස්ති­යාදු වීමට වඩා, රාල­හා­මිගේ දවසේ ගත­ම­නාව සඳහා දඩය ලබාදී ඒම පහ­සුය. දඩ­යෙන් බාග­යට, ඒ වැඩේ කර ගත හැක්කේ බැවින් වැඩේ තවත් ලාභය.

ඩිජි­ටල් අව­කා­ශය යනු පුද්ගල ගනු­දෙනු ආදි­යෙන් තොරව සිද්ධ වන්නේ හෙයින් එයට දූෂණ අදාළ නැත. සියල්ල යාන්ත්‍රි­කය. තොර­තුරු තාක්ෂ­ණය සම්බ­න්ධ­යෙන් වූ ප්‍රති­පත්ති ප්‍රකා­ශ­යක් මාලි­මාව සකස් කරන ලද්දේ ජන­පති ඡන්ද­යට වසර දෙක­කට පමණ පෙරය. එවැනි නව්‍ය දැක්මක් ශ්‍රී ලංකා­වට අවශ්‍ය වූයේ කාර්ය­යන් වේග­වත් කිරීම, දූෂණ අවම කිරීම යන කාරණා දෙක ප්‍රධාන කර ගෙනය.

දේශ­පා­ලන පක්ෂ යන්ත්‍ර­ණ­යක් එවැනි වූ නව්‍ය රටා­වක් සමඟ ගනු­දෙනු කිරී­මට යන්නේම, රටේ ප්‍රධාන ප්‍රශ්න සඳහා කයිය දෙන­වාට වඩා විස­ඳුම් මේ තැන්හි ඇත්තේ බැවිනි, සම­ස්ත­යක් ලෙස සියලු දේශ­පා­ලන සංවි­ධාන, බල­පෑම් කණ්ඩා­යම් ඩිජි­ට­ල්ක­ර­ණය සම්බ­න්ධ­යෙන් එක­ඟ­තා­වක සිටි­න්නේය. ජනා­ධි­ප­ති­ව­රයා විසින් ඒ සඳ­හාම වූ උප­දේ­ශ­ක­ව­ර­යෙක් පත් කර ඇත්තේය. ශ්‍රී ලංකාව ඩිජි­ට­ල්ක­ර­ණය සඳහා වූ සමස්ත සැලැස්ම සඳහා සිය සේවය නොමිලේ ලබා­දී­මට කැපවී සිටින ආචාර්ය හාන්ස් විජේ­සූ­රිය සඳහා රටක් ලෙස අප කෘතඥ විය යුත්තේය. හෙතෙම උසු­ලන ලද්දේ විසල් තන­තු­රකි. ඒ සඳහා ලබන ලද වැටුප ද ඒ හා සමාන බරට තිබෙ­න්නට ඇත. සියල්ල හැර පියා, මේ රටේ ඩිජි­ට­ල්ක­ර­ණය වෙනු­වෙන් ඔහු දැන් කැපව ඇත.

ශ්‍රී ලංකා රාජ්‍යය පිළි­බ­ඳව ජන­තා­වගේ මතය සෑහෙන පමණ කල­කි­රී­මට පත්ව ඇත්තේ එහි ඇති ඉහ වහා ගිය දූෂණ සහ අකා­ර්ය­ක්ෂ­ම­තාව හේතු­වෙනි. මේ අව­ස්ථාවේ රටේ ඇති පළමු ප්‍රශ්නය එය මිස හාල්, පොල් නොවේ. රාජ්‍යය කෙරෙහි ජනතා විශ්වා­සය බිමට සම­තලා වූ කල එය ආරෝහ පරි­ණාහ මළ මිනි­යකි. දැන් පණ අදි­මින් සිටින්නේ බැවින්, රාජ්‍යය සුව­පත් කිරීම උදෙසා අප පළමු වෑයම දැරිය යුතුය. එය වෙනස් කතා­වකි. පාරට පැන පෙළ­පාළි මෙහෙ­යවා එතැ­නට පැමි­ණිය නොහැ­කිය. ආණ්ඩු­ක­ර­ණය සිල්ලර ආකා­ර­යට විවේ­ච­නය කර බලය දිය කිරීම ද පරණ ගංගා­වේමැ වෙනත් පාරු­ව­කින් යෑම මෙන්ය.

හාල් ප්‍රශ්නය සඳහා දැන් අපට ඇත්තේ විස­ඳුම් තුනකි.  එකක් රටින් ගෙන්වී­මය. අනික මිල නියා­ම­න­යය. තෙවැන්න මෝල් පරී­ක්ෂා­වය. ඩිජි­ට­ල්ක­ර­ණය සඳහා රටේ කෘෂි­ක­ර්මා­න්තය භාජන වී ඇත්තේ නම්, ඔය කිසි­වක් අවශ්‍ය නැත. වැපි­රීමේ සිට සියල්ල කළ­ම­නා­ක­ර­ණය වන්නේ අව­සාන පාරි­භෝ­ගික අව­ශ්‍ය­තා­වට අනු­වය. තොග නිද­හස් වන්නේ ද එසේය. සියල්ල දත්ත ගබ­ඩා­වක ඇත්තේ බැවින් එක මෝල­කට අධි­කා­රි­යෙන් දෙන්නා බැගින් යොදා හොර ඇල්ලීමේ වුව­ම­නා­වක් ද නොමැත. තමන් සතුව එකදු වාහ­න­යක් හෝ නොමැ­තිව ප්ලැ­ට්ෆෝම් එකක් සාදා­ගෙන, ඇප් එකක් මඟින් ටැක්සි සේවා පව­ත්වා­ගෙන යන ආය­තන කිහි­ප­යක් ඇත්තේය. ගම­නක් යෑම සඳහා අවශ්‍ය වූ විට, යෙද­වුම මාර්ග­යෙන් යායුතු ස්ථානය සන් කළ විට, අසල සිටින රිය­දුරා ගෙදර බලා එන්නේය. හාල් සඳහා ද මේ මොඩ­ලය අපට ඩිජි­ට­ල්ක­ර­ණ­යෙන් සිදු කළ හැකිය. වී අලෙවි මණ්ඩ­ලය වනාහි ගබඩා ඇති­කර ඉඩ පහ­සු­කම් සල­සන ස්ථාන­යක් නොවේ. වාහන සඳහා වූ ඇප් එක ක්‍රියා­ත්මක කරන ආය­ත­නය හා සම වන්නේය.

දියවී යන රාජ්‍යය සඳහා පණ දිය හැකි එක් ක්‍රම­යක් වන්නේ මේ ආකා­ර­යට ඩිජි­ට­ල­යි­ශේ­ෂන් සඳහා යෑමය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT