පාම් ඔයිල් කර්මාන්තකරුවන්ගේ සංගමයේ පස්වැනි මහා සභා රැස්වීම අමතමින් එහි සභාපති ආචාර්ය රොහාන් ප්‍රනාන්දු අවධාරණය කරන්නේ විද්‍යාත්මක පදනමක් නොමැතිව තහනමට ලක්කරන ලද පාම් ඔයිල් කර්මාන්තය නැවත ස්ථාපිත කරන ලෙසයි. ඔයිල් පාම් සඳහා ගෝලීය වෙළෙඳපොළෙහි ඇති ඉහළ ඉල්ලුම මෙන්ම මෙම කර්මාන්තය ලෝකයේ ක්‍රියාත්මකවන ආකාරය හා එය ජාතික ආර්ථික ඉලක්ක ජයගැනීමට කොතෙක් දුරට දායක වේදැයි සලකා බලන ලෙස හෙතෙම වැඩිදුරටත් අවධාරණය කරයි. ඒ මහතා මේ පිළිබඳව පැවසුවේ කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදීයි.
“ඔයිල් පාම් වගාව නිසා ආනයනික තෙල් මත යැපීම අඩු කරන අතරම, ගොවිතැන සැකසීම සහ බෙදාහැරීම හරහා රැකියා උත්පාදනය නිසා විරැකියාවට පිළියම් ලැබේ. එපමණක් නොවේ කුඩා පරිමාණ ගොවීන් වෙත මෙම භෝගය හඳුන්වා දීමෙන් ඉන්දියාව, ඉන්දුනීසියාව සහ මැලේසියාව වැනි රටවල් මෙන් දළ දේශීය නිෂ්පාදිතය ඉහළ නැංවීම මෙන්ම ආනයන වියදම අඩුකර අපනයන වෙළෙඳපොළ වෙත ප්රවේශවීමට අවස්ථාව හිමිවෙයි. ”
වැඩිදුරටත් අදහස් දැක්වූ POIASL සභාපති ආචාර්ය රොහාන් ප්‍රනාන්දු ඔයිල් පාම් හෙවත් කටුපොල් තහනම නැවත සලකා බැලීම කෙරෙහි ඉහළම මට්ටමින් රජය මැදිහත්වීමේ වැදගත්කම අවධාරණය කළ අතර, ඔහු තහනම පිළිබඳව හඳුන්වා දුන්නේ විද්‍යාත්මක පදනමක් නොමැති “අසත්‍ය සංකල්පිත තාවකාලික තීරණයක්” ලෙසයි.
“ඔයිල් පාම් තහනම් කිරීම කිසිදු විද්‍යාත්මක සාක්ෂියක් මත පදනම් නොවූ තීරණයක් සේම මුළුමනින්ම පෞද්ගලික වාසි වෙනුවෙන් එකිනෙකාට සමීප පුද්ගලයන් කිහිප දෙනෙකුගේ අවශ්‍යතා සපුරාලීම සඳහා ගනු ලැබූ වැරදි තීරණයකි. හිටපු පරිපාලකයින් කඩිමුඩියේ තහනම පැනවීමට පෙර අවම වශයෙන් ප්රවීණයන්ගේ උපදෙස් සමඟ ප්රශ්නය හොඳින් පරීක්ෂා කර බැලිය යුතුව තිබූ බව බොහෝ දෙනාගේ විශ්වාසයයි.”
ලොව ඉහළම තෙල් අස්වැන්නක් ලබාදෙන ඔයිල් පාම් ලෝක ඉල්ලුමෙන් 40% කට වඩා වැඩි ප්‍රමාණයක් මෙම රන් භෝගයෙන් සපුරාලන බවට විද්‍යාත්මක සාක්ෂි තිබියදීත්, තහනම ඉවත් කිරීම සම්බන්ධයෙන් රජය තවමත් තීරණයක් නොගැනීම කනගාටුවට කරුණක් බව හෙතෙම අවධාරණය කළේය.
පාම් ඔයිල් ආනයනය සහ දේශීය ඔයිල් පාම් වගාව 2018 වසරේ මධ්‍යම පරිසර අධිකාරියේ වාර්තාවක් උපුටා දක්වමින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් 2021 අප්‍රේල් මාසයේදී තහනම් කළේය. වසර 10කින් වගාව ක්‍රමානුකූලව නතර කිරීමට නියමිතව තිබිණි. පාම් ඔයිල් ප්‍රධාන අමුද්‍රව්‍යයක් ලෙස භාවිත වන බේකරි සහ රසකැවිලි නිෂ්පාදකයින්ගේ හදිසි ඉල්ලීම්වලට ප්‍රතිචාර වශයෙන් එම වසරේම බලපත්‍රලාභී ආනයනයට පාම් තෙල් ආනයනය කිරීමට අවසර දීමට සිදුවිය.
“POIASL සංගමයේ උත්සාහය සාර්ථක ප්‍රතිඵල දකින්නට පටන්ගෙන ඇති බව අපට විශ්වාසයි. ආහාර සුරක්ෂිතතාව, පෝෂණය නැංවීම, දුප්පත්කම සහ කුසගින්න නැති කිරීම නව පාලනයේ ප්‍රධාන අරමුණු වන බැවින් නව පාලනය තුළින් සාධාරණයක් ඉටුවනු ඇතැයි විස්වාසයක් තිබෙනවා. POIASL විසින් තහනම ඉවත් කිරීම සඳහා සැලැස්මක් උපායශීලීව සැලසුම් කර ඇති බැවින් ඉදිරියේදී ඒ සඳහා අවස්ථාව උදාවනු ඇතැයි අපේක්ෂා සහගතව කටයුතු කරනවා.”
අග්‍රාමාත්‍ය මෝදිගේ නායකත්වයෙන් ඔයිල් පාම් කඩිනමින් ව්‍යාප්ත කිරීමේ වැඩසටහන් සඳහා ඉන්දීය පරිපාලනය කටයුතු කරමින් සිටින අතර, ඉන්දුනීසියාව මෙන්ම මැලේසියාවත් මේ වන විට සිය විදේශ විනිමය උපයන ප්‍රධාන අපනයන නිෂ්පාදනය බවට ඔයිල් පාම් පත්කරගෙන තිබේ.
මෙම අවස්ථාව සඳහා විශේෂ ආරාධිතාවක් ලෙස සහභාගි වූ ඉන්දුනීසියානු තානාපති Dewi Gustina Tobiny මහත්මිය පවසා සිටියේ, ශ්‍රී ලංකාව සහ ඉන්දුනීසියාව සහ මැලේසියාව වැනි පාම් ඔයිල් නිෂ්පාදනය කරන රටවල් අතර ෆාම් ඔයිල් ක්ෂේත්රයේ වඩාත් ශක්තිමත් හවුල්කාරිත්වයක් ගොඩනැඟීමට දරන ප්රයත්නයක් ලෙස මෙවැනි අවස්ථා සඳහා ආරාධනා කිරීමෙන් තහවුරු වන බවයි.
මම ශ්‍රී ලංකාවේ ඉන්දුනීසියාවේ තානාපතිවරයා ලෙස වසර 3ක් මෙහි කටයුතු කරනවා. ශ්‍රී ලංකාව මගේ දෙවැනි නිෙවසයි. ඒ පමණක් නෙවෙයි මම මගේ යුතුකමේ කොටසක් ලෙස ශ්‍රී ලංකාවේ සියලුම සංවර්ධන ප්රයත්නයන් සඳහා සමීපව කටයුතු කරනවා. සංවර්ධන සඳහා ඉතා හොඳ විභවයන් ඇති රටක් ලෙස ද මම ශ්‍රී ලංකාව දකිනවා. සාර්ථක මැතිවරණයක් පැවැත්වීම සඳහා සියලුම ශ්‍රී ලාංකිකයින්ට සුබ පැතීමට මම මෙය අවස්ථාවක් කර ගන්නවා. අලුතින් අප කවුරුත් දන්නා පරිදි අප ජීවත් වන්නේ දුෂ්කර කාලයක ය. අපි හැමෝම මුහුණ දෙන අභියෝග රාශියක් තියෙනවා. ඉන්දුනීසියාව එම අභියෝගයට මුහුණ දෙමින් සිටින නමුත් ඉන්දුනීසියානු ආර්ථිකයට තවමත් නොනැසී පැවතිය හැකි තත්ත්වයක් උදාකරගෙන තිබෙනවා. දළ දේශීය නිෂ්පාදිතය සහ අනෙකුත් සාර්ව ආර්ථික දර්ශක අනුව ධනාත්මක මාවතට පිවිසී තිබෙනවා. මෙම ජයග්‍රහණයට බොහෝ දුරට සහාය වන්නේ පාම් ඔයිල් කර්මාන්තය බව පවසන්නේ විශ්වාසයෙන් යුතු යයි.
ඉන්දුනීසියාවේ දළ දේශීය නිෂ්පාදිතයට පාම් ඔයිල් කර්මාන්තයේ දායකත්වය වාර්ෂිකව වැඩි වෙමින් පවතිනවා. පාම් ඔයිල් කර්මාන්තය දළ දේශීය නිෂ්පාදිතයට දායක වන ආකාරය ඔයිල් පාම් වගාවන් සහ තෙල් හා මේද කර්මාන්තයේ දායකත්වයෙන් හඳුනාගත හැකිය.
සාර්ව ආර්ථික දත්ත අනුව පෙන්නුම් කරන්නේ ඉන්දුනීසියානු ඔයිල් පාම් වගාවන්හි නිමැවුම් අගය 2000 දී IDR ට්‍රිලියන 5 ( හෙවත්USD මිලියන 322,5) සිට 2023 දී IDR ට්‍රිලියන 367 (USD බිලියන 23,7) දක්වා සාපේක්ෂව වේගයෙන් වර්ධනය වූ බවයි. එමෙන්ම මේද කර්මාන්තය ද IDR ට්‍රිලියන 48 (USD බිලියන 3) සිට නිෂ්පාදනයේ වැඩි වීමක් දක්නට ලැබේ. මේ අනුව, පාම් ඔයිල් කර්මාන්තයට එකතු වූ මුළු වටිනාකම IDR ට්‍රිලියන 23 සිට IDR ට්‍රිලියන 510 දක්වා වැඩිවී තිබේ.
පාම් ඔයිල් යනු බොහෝ නිෂ්පාදන සඳහා පුළුල් යෙදුම් සහිත බහුකාර්ය සම්පතකි. පාම් ඔයිල් ආශ්රිත නිෂ්පාදන ලොව පුරා සිටින මිනිසුන් දවසේ පැය 24 පුරාම උදේ, දහවල් සහ රාත්‍රී කාලය දක්වා භාවිතා කරයි. සමකය ආසන්න ඝර්ම කලාපීය රටක් ලෙස ශ්‍රී ලංකාව ඔයිල් පාම් වගාවට සුදුසුම දේශගුණයක් ඇති රටක් නිසා ඉන් අත්කරගත හැකි ප්රතිලාභ සුවිශාලයි.
බුද්ධිකා බ්‍රාහ්මණගේ