Monday, April 21, 2025
Home » කෝටි 13 ක හෙරොයින් පොල්ගස්ඔිවිට නිවසකින් හමුවෙයි

කෝටි 13 ක හෙරොයින් පොල්ගස්ඔිවිට නිවසකින් හමුවෙයි

by yasara
December 11, 2024 4:37 pm 0 comment

 පොල්ගස්ඕවිට වෑතර ප්‍රදේශයේ නිවසක තිබී රුපියල් කෝටි දහතුනකට අධික වටිනාකමින් යුත් හෙරොයින් කිලෝ පහක් ඇතුළු මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ නෑඹඩ ප්‍රදේශයේ පදිංචි ” සංජු” නමැති (27) හැවිරිදි විවාහකයෙකු බව පොලිසිය කියයි.

ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය 02 ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සී.ආර්. පාරමුල්ල මහතා  ඇතුළු නිලධාරී කණ්ඩායමක් කැස්බෑව ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී අයිස් කිලෝ එකක් සන්තකයේ තබාගෙන යතුරුපැදියක යමින් සිටි පුද්ගලයෙකු අයිස් මත්ද්‍රව්‍ය තොගය හා යතුරුපැදිය සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.

පසුව ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් වලදී පොල්ගස්ඕවිට වෑතර ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කිරීමේදී එහි අල්මාරියක සඟවා තිබී තවත් අයිස් කිලෝ එකහමාරක්, හෙරොයින් කිලෝ පහක් සහ ඩාන්සිල් පිල් නමින් හඳුන්වන මත්පෙති හාරසීයක් සොයා ගැනීමට හැකිවූ බවව පැවසේ.

පොලිස් භාරයට ගත් මත් ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් කෝටි දහතුනකට අධික බව පොලිසිය කියයි.

පොලිස් භාරයට ගත් සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්නන කිරීම් වලදී මීට මාසයකට පමණ පෙර මෙම නිවස රුපියල් 25.000 කුලී පදනම මත ලබාගෙන මෙම ජාවාරම කරගෙන ගොස් ඇති බවත් කලක සිට සැකකරු ජාවාරමේ නිරත වී ඇති බවට තොරතුරු අනාවරණය වූ බවත් පොලිසිය කියයි.

තවදුරටත් සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී ඩුබායි රාජ්‍යයේ සැගව සිටින කුප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම් කාරියක වන කාංචනා නම් කාන්තාවක් කලක සිට කුලී පදනම මත මෙම නිවස  ලබා ගෙන මත්ද්‍රව්‍ය ගබඩා කර තබා ගන්නා ස්ථානයක් ලෙස යොදා ගනිමින් මෙහි සිට විවිධ ප්‍රදේශ වෙත මත්දුව්‍ය බෙදා හැරීම සිදු කොට ඇති බවටද තොරතුරු අනාවරණය වී ඇතැයි පැවසේ.

අත්අඩංගුවට ගන්නා ලද මෙම මත් ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන සදහා මත් ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත බාරදී ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT