Home » ලෝක බැංකු නියෝජිතයා හමුවෙමින් ඇමති ලාල්කාන්ත කියූ දේ

ලෝක බැංකු නියෝජිතයා හමුවෙමින් ඇමති ලාල්කාන්ත කියූ දේ

by chanaka
December 11, 2024 3:13 pm 0 comment

කෘෂිකර්ම, පශු සම්පත් ,ඉඩම් හා වාරිමාර්ග ඇමැති කේ.ඩී. ලාල්කාන්ත මහතා සහ ලෝක බැංකු නියෝජිත Gevorg Sargsyal මහතා සහ එහි ව්‍යාපෘති භාර නිළධාරින් අතර සාකච්ඡාවක් ඊයේ (10) පැවැතිවිණී.

මෙතෙක් පැවැති ව්‍යාපෘති පිළිබඳව මෙහිදී කෙටි සමාලෝචනයක් එහිදී සිදු කෙරුණු අතර අදාළ ව්‍යාපෘතිවල ස්වභාවය පිළිබඳවද,ඉදිරි කාලයේදී ක්‍රියාත්මක කිරීමට නියමිත ලෝක බැංකු කෘෂිකාර්මික ව්‍යාපෘතිය පිළිබඳවද මෙහිදී අවධාරණය කෙරිණි.

ඇමැති ලාල් කාන්ත මහතා මෙහිදී විශේෂයෙන් සඳහන් කළේ ,ක්‍රියාත්මක කිරීමට නියමිත ලෝක බැංකු කෘෂිකාර්මික ව්‍යාපෘතිය මෙරටේ ගොවිජනතාවට සුබසාධනය සැලසෙන පරිදි සකස්කළ යුතු බවයි.

රට තුළ දැවැනිත සංවර්ධන වැඩසටහන් රැසක් ගොවිජනතාව ඉලක්ක කර ගෙන සිදු කළද අතිබහුතර ජනතාවක් අද වන විට ඉතා දිළිඳු ,අඩු පහසුකම් සහිත තත්තවයක ජීවත්වන බවද ඇමැතිවරයා මෙහිදී ප්‍රකාශ කළේය.ඒහිදී ඇමැතිවරයා පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාව විදෙස් සංවිධානවලින් ණය ලබාගන්නා ව්‍යාපෘති ඉතාඵලදායීව යොදා ගැනීම අත්‍යවශ්‍ය බවයි.

මෙහිදී ලෝක බැංකු නියෝජිත Gevorg Sargsyal මහතා අවධාරණය කළේ රජයේ ඉලක්කයන් සපුරා ගත හැකිවන පරිදි රජයේ අවශ්‍යතාවයන් අනුව මෙම ව්‍යාපෘති ඉදිරිපත් කිරීමට ඔවුන් සූදානම් බවයි.

බුද්ධිකා ඉඹුලාන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT