Home » විදුලි ගාස්තු සංශෝධනය ගැන අවසන් තීරණය ජනවාරි 17වැනිදා

විදුලි ගාස්තු සංශෝධනය ගැන අවසන් තීරණය ජනවාරි 17වැනිදා

by chanaka
December 11, 2024 3:05 pm 0 comment

ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කළ විදුලි ගාස්තු සම්බන්ධ යෝජනාව පිළිබඳ අවසන් තීරණය ලබන ජනවාරි මස 17 වැනිදා ගන්නා බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම නිවේදයක් නිකුත් කරමින් සදහන් කරයි.

එම යෝජනාව සම්බන්ධ මහජන උපදේශනය මේ මස 17 වැනිදා ආරම්භ කරන බවත් ලිඛිත අදහස් බාරගැනීම ජනවාරි මස 08 වැනිදා දක්වාත්, වාචික අදහස් සැසි 09 ක් පැවැත්වීමටත් තීරණය කළ බව ද එම කොමිසම සදහන් කළේය.

මහජනතාවගේ ලිඛිත අදහස් ජනවාරි මස 08 වැනිදාට පෙර විදුලි ගාස්තු පිළිබඳ මහජන උපදේශනය, ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව, 6 වන මහළ, ලංකා බැංකු වෙළෙද කුළුණ, කොළඹ 3 යන ලිපිනයට හෝ info@pucsl.gov.lk යන ඊමේල් ලිපියට හෝ www.facebook.com/pucsl යන ෆේස්බුක් පිටුවට හෝ යොමු කළ හැකි බව එම කොමිසම කීය.

එසේ නැත්නම් 0764271030 දුකරථනයට වට්ස්ඇප් ඔස්සේ ද අදහස් යොමු කළ හැකි බව එම කොමිසම වැඩි දුරටත් සඳහන් කරයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT