Home » රන්-රිදී-ලෝකඩ දිනූ සවි එසවීමේ පිල එයි

රන්-රිදී-ලෝකඩ දිනූ සවි එසවීමේ පිල එයි

by sachintha
December 10, 2024 1:06 am 0 comment

උස්බෙකිස්තානයේ පැවති ආසියානු සවි එසවීමේ තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ රන් පදක්කම් 6ක්, රිදී පදක්කම් 1ක් සහ ලෝකඩ පදක්කම් 4ක් දිනා ගෙන ඊයේ අලුයම කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණියහ. නදීකා හේමන්ති කිලෝග්‍රෑම් 69 කාණ්ඩය යටතේ තරග කරමින් ශ්‍රී ලංකා වාර්තාවක්ද සමඟ රන් පදක්කම් 3ක් සහ ලෝකඩ පදක්කම් 1ක් දිනා ගැනීමට සමත් වූවාය.

මේ තරගාවලියට කිලෝග්‍රෑම් 74 බර පංතිය ජ්‍යෙෂ්ඨ කාණ්ඩය යටතේ සහභාගි වූ දිල්ෂාන් අරවින්ද රන් පදක්කම් 3ක් සහ රිදී පදක්කම් 1ක් දිනා ගැනීමට සමත් වූ අතර, කිලෝග්‍රෑම් 83 බර පංතියෙන් තරග කළ සුසිත සුදම් සුරවීර ලෝකඩ පදක්කම් 3ක් දිනා ගැනීමට සමත් විය.

කටුනායක – ටී.කේ.ජී. කපිල

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT