අපවත් වී වදාළ ගංගොඩවිල සෝම හිමිපාණන්ගේ 21 වැනි ගුණ සමරුව නිමිත්තෙන් ලේ දන්දීමේ වැඩසටහනක් අපේක්ෂා රෝහලේ ලේ බැංකු වෛද්‍යවරු හා කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් පෙරේදා (8) බොරලැස්ගමුව මහරගම පාරේ ඉන්ධන පිරවුම්හල අසලදී පැවැත්විණ. ‘බොරලැස්ගමුව, ගංගොඩවිල සෝම හිමි ගුණසමරු පදනම’ වැඩසටහන මෙම වැඩසටහන සංවිධානය කරන ලදී. එහි සංවිධායකවරුන් වන දේශමාන්‍ය ජී. විජේපාල පෙරේරා, නාගලිංගම් ධර්මලිංගම්, ඩී. සුමිත් සාන්ත අබේසුන්දර ඇතුළු පිරිස මෙන්ම බොරලැස්ගමුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුමේධ විමලගුණරත්න, ප්‍රජා පොලිස් ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක එගොඩආරච්ච්, වසම භාර පොලිස් කොස්‌තාපල් 100224 වික්‍රමනායක යන මහත්වරු ද මෙම අවස්ථාවට සහභාගී වූහ.
දෙහිවල – ඩී.පී. හේරත්