Home » 21 වැනි පාණදුරා මහා පෙරහර 17 දා

21 වැනි පාණදුරා මහා පෙරහර 17 දා

by sachintha
December 10, 2024 1:24 am 0 comment

පාණදුරා මහා පෙරහර මෙවර 21 වැනි වරටත් උත්කර්ෂවත් අන්දමින් දෙසැම්බර් 17 වැනි දින රාත්‍රි 7.00ට පැවැත්වීමට කටයුතු යොදා ඇති බව කළුතර, පාණදුර දෙදිසාවේ ප්‍රධාන සංඝනායක පාණදුර ඓතිහාසික ගල්ගොඩ ශ්‍රී මහා විහාරාධිපති පොතුපිටියේ පඤ්ඤාසේකර හිමියෝ පැවසූහ. සම්බුදු පෙරහර සමග දේවාල පෙරහැර 12න් සමන්විතව දිවයිනේ ප්‍රධාන පෙරහැරවල ගමන් කරන හස්තිරාජයන් රැසක් සහභාගී වන මෙම පෙරහරට උඩරට, පහතරට සහ සබරගමු නර්තනාංග රාශියක් නියෝජනය කරමින් නර්ථන ශිල්පීන් 600කට අධික පිරිසක් සහභාගී වීමට නියමිත බවද උන්වහන්සේ සඳහන් කළහ.

පානදුර ගල්ගොඩ ශ්‍රී මහා විහාර පෙරහැර සමිතිය මෙය සංවිධානය කරන අතර, රාජ්‍ය සහ පෞද්ගලික ආයතන, වෙළෙඳ සංගමය, ව්‍යාපාරික ප්‍රජාව මෙන්ම අන්‍යාගමික ආයතන ද ඊට සම්බන්ධ වන බවද පඤ්ඤාසේකර හිමියෝ වැඩිදුරටත් කියා සිටියහ.

 

පොතුපිටිය – සුමිත් ප්‍රේමතිලක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT