Monday, April 21, 2025
Home » බෙන්තොට සංචාරක හෝටලය නත්තල් සැමරුම අරඹයි නත්තල් සීයාගෙන් දරුවන්ට තෑගි

බෙන්තොට සංචාරක හෝටලය නත්තල් සැමරුම අරඹයි නත්තල් සීයාගෙන් දරුවන්ට තෑගි

by sachintha
December 10, 2024 1:21 am 0 comment

නත්තල් සැමරුම සනිටුහන් කරමින්, බේරුවල බෙන්තොට සංචාරක හෝටල් සංගමයේ බ්‍රවුන්ස් හෝටල් සමූහයේ තාල බෙන්තොට හෝටලයේ ඉදි කර ඇති අඩි පහළොවක් උස, අඩි අටක් විෂ්කම්භය සහිත නත්තල් ගස ඉකුත් 6 වැනිදා රාත්‍රියේ එම හෝටලයේ කළමනාකාර සහ දකුණු පළාත් රුහුණු සංචාරක කාර්යාංශයේ පාලන අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික රොහාන් ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් දෙස් විදෙස් සංචාරකයන් රැසකගේ සහභාගිත්වයෙන් විදුලි එළියෙන් ආලෝකවත් කෙරිණි.

එහිදී නත්තල් සීයා ලෙස සැරසුණු අයකු පැමිණීමත් සමඟ ගීතිකා වැඩසටහනක් ද එම හෝටල් පරිශ්‍රයේ දී පැවැත්විණි. මෙම අවස්ථාවට එක්ව සිටි දෙස් විදෙස් කුඩා දරුවන් ඇතුළු සංචාරකයන් මහත් හරසරින් එම නත්තල් සමාරම්භක අවස්ථාව සමරා සතුටට පත් වූ අතර නත්තල් සීයා විසින් තෑගි ලබාදීම ද සිදු කරන ලදි.

අලුත්ගම – තුසිත කුමාර ද සිල්වා

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT