Home » සිරි පියරතන කනිෂ්ඨයේ පොඩ්ඩෝ දක්ෂතා එළිදක්වති

සිරි පියරතන කනිෂ්ඨයේ පොඩ්ඩෝ දක්ෂතා එළිදක්වති

by sachintha
December 10, 2024 1:20 am 0 comment

පාදුක්ක සිරි පියරතන කනිෂ්ඨ විද්‍යාලයේ සිසු දරු දැරියන්ගේ දක්ෂතා පෙළ ගස්වමින් සංවිධානය කළ ‘සුභාස්වර’ සෞන්දර්ය ප්‍රසංගය, පාදුක්ක කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂිකා නෙරංජි කුලරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන්, සිරි පියරතන මධ්‍ය මහා විද්‍යාලයීය රංග ශාලාවේ දී පැවැත්විණි. විදුහලේ 1 සිට 5 දක්වා ශ්‍රේණිවල සියලුම සිසු දරු දැරියන්ගේ සහභාගිත්වයෙන් නාට්‍ය ගීත, සමූහ වාදන, විදේශ ගීත, හින්දි ගීත, ජන ගී ඇතුළු තවත් විශේෂාංග රැසක් ද, විදුහලේ විශේෂ අධ්‍යාපන ඒකකයේ විශේෂ අංගයක් ද මෙහිදී සිදුකෙරිණි. මෙම වැඩසටහනට වාදනයෙන් සහ සංගීතයෙන් සහය වීම, පාසලේ සංගීතාචාරිනී රසිකා නිල්මිණි දමයන්ති මෙණෙවිය විසින් සිදුකරන ලදි. විදුහල්පති ඇතුළු ආචාර්ය මණ්ඩලය විසින් සංවිධානය කරනු ලැබූ මෙම වැඩසටහනට, පාදුක්ක කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂිකා නෙරංජි කුලරත්න, විදුහල්පති එම්.එන්. බණ්ඩාර, නියෝජ්‍ය විදුහල්පති එල්. බුලත්සිංහල යන මහත්ම මහත්මීන් ද, කොට්ඨාසයේ පාසල් නියෝජනය කරමින් විදුහල්පතිවරුන් ද, විදුහලේ ආචාර්ය මණ්ඩලය ද, අනධ්‍යයන කාර්ය මණ්ඩලය ද, හිටපු ගුරුභවතුන් ද, වෙළෙඳ සංගමය, ආදි ශිෂ්‍ය සංගමය සහ පාසල් සංවර්ධන කමිටුව නියෝජනය කරමින් සාමාජික සාමාජිකාවන් ද, සිසු දරු දැරියන් ද, ඔවුන්ගේ මවුපියන් ද ඇතුළු පිරිසක් සහභාගි වූහ.

පාදුක්ක සමූහ රෙක්සි වෙත්තසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT