Monday, April 21, 2025
Home » තරුණ තරුණියෝ 40කට මුරුක්කු – කිරිටොෆි හදන්න කියාදෙයි

තරුණ තරුණියෝ 40කට මුරුක්කු – කිරිටොෆි හදන්න කියාදෙයි

-නිෂ්පාදිත මුරුක්කු ප්‍රාදේශීය සභාවේ ලේකම් අජිත් රණසිංහ මහතාට පිළිගැන්වූ අයුරු

by sachintha
December 10, 2024 1:18 am 0 comment

දොම්පේ ප්‍රාදේශීය සභා බලප්‍රදේශයේ ස්වයං රැකියා සඳහා කැමැත්ත පළ කර තිබූ තරුණ තරුණියන් 40දෙනකුට පමණ මුරුක්කු සහ කිරිටොෆි සෑදීම පිළිබඳ පුහුණු පාඨමාලාවක්, කිරිඳිවැල ප්‍රාදේශීය සභා පුස්තකාල භූමියේදී පසුගියදා පැවැත්විණි. ප්‍රාදේශීය සභාවේ ලේකම් අජිත් රණසිංහ මහතාගේ උපදෙස් පරිදි ප්‍රජා සංවර්ධන අංශයේ ජී.ජී. ජයතිස්ස මහතා ඇතුළු කාර්ය මණ්ඩලය එය සංවිධානය කර තිබුණි. එහිදී කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ උපදේශිකා ඊෂාණි අනුරුද්ධිකා මහත්මිය විසින් පැමිණ සිටි පිරිසට පුහුණුව ලබා දෙන ලදි.

කිරිඳිවැල සමූහ – ජී.එස්. තැලිගම

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT