පුපුරණ ද්‍රව්‍ය යොදා මරණ ලද මසුන් තොගයක් අත්අඩංගුවට ගැනීමට යෑමේදී ධීවර නිලධාරීන් හා නාවික හමුදාව සමඟ ධීවර පිරිසක් ඊයේ (09) ලංකා පටුන ප්‍රදේශයේදි ගැටුමක් ඇති කර ගැනීමට ගත් උත්සාහයක් ව්‍යවර්ථ කර සැකකරුවන් තිදෙනෙකු සමග මරණ ලද මසුන් තොගයක් අත්අඩංගුවට ගැනීමට ධීවර නිලධාරීහු හා නාවික හමුදාව සමත් වූහ .
ඇතිවූ උණුසුම් තත්ත්වය පාලනය කිරීමට පොලිසිය ද පැමිණි අතර මසුන් ගොඩබිමට රැගෙන ඒමට උපයෝගී කරගත් පිටත එන්ජිමක් සවි කරන ලද යාත්‍රාවද අත්අඩංගුවට ගැනීමට හැකි විය.
අත්අඩංගුවට ගත් මසුන් තොගය කිලෝග්‍රෑම් 420 ක් වන පරවා වර්ගයේ මසුන් බව සහකාර ධීවර අධ්‍යක්ෂ ඉෂාර ටී. කම්කානම්ගේ මහතා පැවසීය .
ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ ත්‍රිකුණාමල දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ඉෂාර ටි .කම්කානම්ගේ මහතාට ලද තොරතුරක් අනුව ධීවර නිලධාරීන් වන ජේ.ඒ.ජේ.එන් ජයසූරිය එම්.එම්. නූහාස් හා සංවර්ධන නිලධාරී ඒ. සජීවන් යන මහත්වරු සමග ශ්‍රී ලංකා නාවික නෞකා ලංකා පටුන කඳවුරේ නාවිකයන් මෙම වැටලීමට එක්වූහ .
අත්අඩංගුවට ගත් සැකකරුවන් මසුන් සමඟ ධීවර යාත්‍රාව මූතූර් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර 1996 අංක දෙක දරණ ධීවර හා ජලජ සම්පත් පනත යටතේ සැකකරුවන්ට එරෙහිව නඩු පැවරීමට නියමිතය .