Saturday, April 19, 2025
Home » ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුවක්

ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුවක්

by chanaka
December 10, 2024 12:35 pm 0 comment

ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුව ස්ථාපිත කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

ජාතික ආහාර හා පෝෂණ සුරක්ෂිතතාව ඇති කිරීම සහ ආහාර ආරක්ෂිතව ලබා දීම රජයේ ප්‍රමුඛ කාර්යයක් වන අතර, සෑම පුරවැසියෙකුගේම අවම ආහාර අවශ්‍යතාව ප්‍රමාණාත්මකව හා ගුණාත්මකව දැරිය හැකි මිලකට ලබා දීම රජයේ ප්‍රධාන අරමුණවේ.

නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය මඟින් ඒ සඳහා ක්‍රියාමාර්ග රැසක් යෝජනා කර ඇති අතර, රට තුළ නිෂ්පාදනය කළ හැකි සියලුම ආහාර දේශීයව නිෂ්පාදනය කිරීම, අවම වශයෙන් මාස 3 කට ප්‍රමාණවත් අත්‍යවශ්‍ය ආහාර ස්වාරක්ෂක තොග පවත්වා ගැනීම, රටේ පවතින ආහාර තොග පිළිබඳ දත්ත පද්ධතියක් පවත්වා ගෙන යාම සහ ආහාර සුරක්ෂිතතාව කෙරෙහි ඉවහල් වන නිෂ්පාදනය, ගබඩා කිරීම, බෙදා හැරීම, තොග හා සිල්ලර වෙළෙඳාම යන ක්‍රියා වලින් සඳහා පෞද්ගලික අංශයේ ද සහභාගීත්වය ලබා ගනිමින් ඵලදායි වැඩසටහනක් සකස් කර ක්‍රියාත්මක කිරීම ඒ අතුරින් ප්‍රමුඛ කාර්යයන් වශයෙන් හඳුනාගෙන තිබේ.

ඒ අනුව “ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුව’ ජනාධිපති කාර්යාලය යටතේ ස්ථාපිත කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානයක මහතා ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දී ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT