Home » රජය ආනයනය කරන පළමු සහල් තොගය 16දා එයි

රජය ආනයනය කරන පළමු සහල් තොගය 16දා එයි

- රාජ්‍ය විවිධ නීතිගත සංස්ථාව පවසයි

by sachintha
December 10, 2024 12:58 am 0 comment

රජය මඟින් ආනයනය කරනු ලබන පළමු සහල් තොගය එළැඹෙන 16 දා වන විට මෙරටට ලැබෙන බව රාජ්‍ය විවිධ නීතිගත සංස්ථාව පවසයි. මේ යටතේ පළමුව සහල් මෙට්‍රික්ටොන් 5,200ක් ගෙන්වීමට ලංසු කැඳවා ඇත. එමෙන්ම තවත් මෙට්‍රික්ටොන් 5,200ක් සහ 20,800ක් ගෙන ඒමට ආනයනකරුවන්ට අවස්ථාව දී ඇති අතර ඊට අදාළ දැන්වීම් පළ කළ බවත් මේ හරහා රජයේ පාලන මිල වන… රුපියල් 220ට සහල් දීමට හැකි වන බවත් එම සංස්ථාව කියා සිටියි. රජයේ පාලන මිල වන රුපියල් 220ට අවශ්‍ය තරම් සහල් සියලුම පාරිභෝගිකයන්ට මේ අනුව ලබාදීමට හැකි වනු ඇති බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව වැඩිදුරටත් පැවැසීය.

සුභාෂිණී සේනානායක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT